ෂේන් වොර්න් ගේ මරණයට හේතුව හෙළිවෙයි

තායිලන්තයේ සංචාරක නිකේතනයක දී හදිසියේ මිය ගිය ඔස්ට්‍රෙලියාවෙන් බිහි වූ ලොව විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන ෂේන් වෝන්ගේ මරණය ස්වභාවික හේතූන් මත සිදු වූ බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා.

තායි පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (06) පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල ෂේන්වෝන්ගේ පවුලේ සාමාජිකයින් වෙත දැනුම් දුන් අතර ඔවුන් එම ප්‍රතිඵල පිළිගත් බවයි.

ඒ අනුව ඔහුගේ මළ සිරුර ඔස්ට්‍රෙලියාවට රැගෙන යාම සඳහා බැංකොක් නුවර කොන්සියුලර් නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල තායිලන්ත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බව ද බැංකොක් පොලීසිය සඳහන් කළා.

මුත්තයියා මුරලිදරන්ට පමණක් දෙවැනි වෙමින් ටෙස්ට් කඩුලු 708ක් බිද හෙළුෑ 52 හැවිරිදි ෂේන් වෝන් තායිලන්තයේ කෝ – සමුයි හි සංචාරක නිකේතනයක දී හදිසියේ මිය ගියේ පසුගිය සිකුරාදා දිනයේදියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ දුම්‍ රිය ගමන්වාර ක්‍රියාත්මකවන අයුරු
03:10
Video thumbnail
නන්දන ගුණතිලක හිටියනම් අද තමයි ජීවිතයෙන් සමු ගන්නේ.."අයියගේ වියෝව අපිට සැක සහිතයි" නැගණිය කියයි
06:39
Video thumbnail
ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම හෙට ඉන්දුනීසියාවට..මාසයකට ආසන්නව ටීම් එකක් විදියට Practice කළා
01:47
Video thumbnail
S.F. රාජු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළට
00:33
Video thumbnail
"S.F. රාජු" විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළට ගෙන එයි
00:56
Video thumbnail
විශේෂ මාධ්‍ය හමුව
01:03:26
Video thumbnail
මෛත්‍රිපාල සිරිසේන ළඟ දණින් වැටුණු පොලිසිය
01:29
Video thumbnail
දියේ ගහගෙන ගිය අලියා ගොඩට ඇවිත් උණුසුම් වූ අයුරු..කැබ් එක කුඩු වුණත් බුදු පිළිමයට කිසිම හානියක් නැහැ
01:33
Video thumbnail
හිටපු ජනාධිපති මෛත්‍රිපාල අනුරාධපුර රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගනි..කට්ටිය වටකරගෙන Selfie ගහන හැටි
03:49
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන පියතුමෙක් සංවේදී වී කළ ප්‍රකාශය..සත්‍යතාවය දැනගන්නේ කවදාද?
05:16