AFC Banner
Empty Ad
Empty Ad

14 වසරකට පසු ඉන්ධන බැරලයක මිල ඉහළම අගයකට

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක් මිල වසර 14කට පසු ඇමරිකානු ඩොලර් 130ක් ලෙස ඉහළම අගයක් වාර්තා කර තිබෙනවා.

රුසියානු-යුක්‍රේන යුද අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි ආර්ථික විශේෂඥයින් පවසන්නේ.

බ්‍රෙන්ට් වෙළෙදපලේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 130ක් ලෙසත් අමෙරිකාවේ වෙස්ට් ටෙක්සාස් වෙළෙදපලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 126.43ක් ලෙසත් ඉහළ ගොස් ඇත.

මේ අතර ඉදිරි දින කිහිපයේදී ලෝක වෙළෙදපළේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 140 සීමාව ඉක්මවා යනු ඇති බවයි වාර්තා පලවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?