උද්දච්ජ මානසිකත්වයකින් මේ අභියෝගය ජය ගන්න බැහැ – ඇමති විමල් ගෙන් සැර ප්‍රකාශයක්

රටේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් පාලකයින්ට අවබෝධයක් නොමැති බවත් රට පත්ව ඇති තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා විශේෂඥ සහය ලබා ගත යුතුව ඇති බව අමාත්‍ය විමල් විරවංශ සඳහන් කර සිටිනවා.

“මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය එළිදැක්වීම” ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 ක නායකයින්ගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි උත්සව ශාලාවකදීයි.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය විමල් විරවංශ,

” කාපට් කරපු පාරවල් තියෙනවා. තාමත් කාපට් කරනවා. කාපට් එක උඩින් තව කාපට් කරනවා. හැබැයි පාරේ වාහන යන්න තෙල් නැති වෙනවා. කාපට් එක එක තියෙනවා. කාපට් පාර තිබ්බට ඒ පාරේ යන වාහනයට තෙල් ටික නැත්නම් පාර කන්නද? ආණ්ඩුවක් තියෙනවා මේ තත්ත්වය ගැන බැරෑරුම් සාකච්ජාවකින් තොරව. පාලකයෝ ඉන්නවා මේ තත්ත්වය ගැන බැරෑරුම් අවබෝධයකින් තොරව.

මේකෙන් ගොඩ එන්න ප්‍රධාන පියවර කිහිපයක් ගන්න ඕන. පළමු කොට විශේෂඥ සහය ගන්න ඕන. තමන්ට මේ සියල්ල තේරෙනවා, මගේ මොළෙයි ඉතුරු තවත් මොළ හයයි තියෙනවා ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නැහැ, මට මොකටද මේ විශේෂඥ සහය. මම හිතන විදිහට ඔක්කොම වෙනවනම් එහෙම බැහැ. ඒ වගේ උද්දච්ජ මානසිකත්වයකින් මේ අභියෝගය ජය ගන්න බැහැ. හදන්න ඕන සැලැස්මක්. ඒ සැලැස්ම අතට අරගෙන යන්න ඕන ණය දීපු අය හම්බවෙන්න. ගිහින් කියන්න ඕන උඹලා කියන විදිහට දැන් වාරිකය ගෙවන්න බැහැ. අපිට ගෙවන්න පුළුවන් සැලැස්මක් තියෙනවා මේක පිලිගනින්. කෝ ඒ සාකච්ජාව ?

මහ බැංකුවේ අධිපතිතුමා කියනවා මාස 06ක් තිස්සේ ගත යුතු පියවර නිර්දේශ කරලා මම ලිපි 09ක් යැව්වා යෝජනා හැරියා. එකකට කිසිම ප්‍රතිචාරයක් නැහැ. හම්බ වෙන්න වෙලාවක් නැහැ මුදල් ඇමතිතුමාව. මෙච්චර විදේශ විනිමය අර්බුදයකින් පිඩා විදින රටක මහ බැංකු අධිපතිටම මුණ ගැහෙන්න මුදල් ඇමතිට වෙලාව නැත්නම් එක්කෝ මේක කෙළවාගන්න ඉඩ දී බලා සිටිනවා.

අද කලු සල්ලි ඩොලර් වෙලෙදපොලක් හැදිලා ප්‍රබල වෙලා. මම ලෝකේ මොන රටකවත් කිසිම මුදල් ඇමති කෙනෙක් ගෙන් මම අහලා නැහැ කලු සල්ලි මාර්කට් එක ප්‍රවර්ධනය කරන. මේ වෙලාවේ මේ කලු සල්ලි මාර්කට් එක ප්‍රවර්ධනය නෙමෙයි පුළුවන් තරම් දුර්වල කරන්න ඕන. නිත්‍යානුකුල මාර්ගයෙන් සල්ලි එන්නේ නැහැ. දකුණු කොරියාවේ රැකියා කරන තරුණ දරුවන් සියයට 90ක් මුදල් එවන්නේ උණ්ඩියල් ක්‍රමයට.

බැංකු පද්ධතියට හැරෙන ඩොලර් ටික හිඳෙනවා. හොර පාරෙන් යන ඩොලර් ගඟ තර වෙනවා. ඒකට එහෙම වැඩෙන්න දීලා බලන් ඉන්නවා. මේ අපේ රටයි එක්කයි සෙල්ලම් කරන්නේ. අපිට ද්විත්ව පුරවැසි භාවයක් නැහැ. ඉන්න හරි මැරෙන්න හරි ඔක්කොම තියෙන්නේ මෙතන.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14