ඩොලර් ඉල්ලා නඩු දමන්න පියවර ගන්නවා – මහජන උපයෝගිතා කොමිසම

විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ලබානොදෙන පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මහජන උපයෝගිතා කොමිසම මේ වන විටත් තීරණය කර ඇති බවත් ඒ අනුව ඉදිරි දින දෙක තුන තුළ අදාල පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කර සිටිනවා.

විදුලිබල ජනනය සදහා ඉන්ධන ආනයනයට ඩොලර් මිලියන 150 ක් විදුලිබල මණ්ඩලයට ලබාදෙන්නැයි මහජන උපයෝගිතා කොමිසම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ මහා භාණ්ඩාගාරයෙන් කළ ඉල්ලීමට තවමත් ප්‍රතිචාර නැමැතිවීම ගැටලුවට හේතුව බවත් මෙය විදුලි අර්බුදයක් නොව විදේශ විනිමය අර්බුදයක් වීම නිසා ඉන්ධන මිලදීගැනීමට ඩොලර් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා, මහ බැංකුවට දුන් උපදෙස් ක්‍රියාත්මක නොවන බවයි.

විදුලිබල මණ්ඩලයට පාරිභෝගිකයන්ගෙන් අයවිය වියයුතු රුපියල් බිලියන 40 න් බිලියන 25 ක් සහ මහා භාණ්ඩාගාරය බිලියන 30 ක් ලෙස රුපියල් බිලියන 55 ක් දෙන්නේ නම් විදුලිබල ගැටලුව අවසන් වන බව ද සභාපතිවරයා කියා සිටියේ.

ඉන්ධන නොමැතිවීමෙන් මෙගාවොට් 700 ක් පමණ නිෂ්පාදනය කරන විදුලිබලාගාර අක්‍රීය වීම විදුලි කප්පාදුවට හේතුව බවත් අඛණ්ඩව විදුලිය සැපයීම මහජන උපයෝගිතා කොමිසමේ වගකීම වීම නිසා ඉන්ධන අර්බුදයෙන් විදුලිය කප්පාදු නොකර සිටීම සඳහා රජයට යෝජනා මාලාවක් ඉදිරිපත් කළ ද එය ක්‍රියාත්මක නොවන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් ගෞරවයට නිල සැලියුට් එකක්… වුඩ්ලර්ගේ සංවේදී ආචාරය
00:26
Video thumbnail
දෙකෙන් එකක් බේරගන්න අපි කොළඹට එනවා
04:29
Video thumbnail
දුක්බරව සිටි හිටපු පොලිස්පතිගේ පුතු වැළඳ සැනසූ තලතා..
00:49
Video thumbnail
හිටපු පොලිස්පතිගේ අවසන් ගමනේ සංවේදී මොහොතක්… CD ඉදිරියේ නිහඬව නතර වූ රනිල්
00:32
Video thumbnail
හිටපු පොලිස්පතිට ආචාර කරලා අවසන් ගෞරවය දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා
01:56
Video thumbnail
ළඟ හිටපු ටිල්වින්ටත් වැඩේට හිනා...
00:31
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න රනිල් එයි - ශවේන්ද්‍ර සිල්වාත් එක්වෙයි
02:39
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ඇති පෙට්ටිය විවෘත කරන්න හදද්දිම වෙච්ච දේ..
00:51
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැදින් හිටපු පොලිස්පතිගේ දේහය මල් ශාලාවට
02:05
Video thumbnail
බස් එක යන්න දෙන්නේ නෑ - මූ බීලා ඉන්නේ, බස් එකෙන් බස්සන්න
02:47