AFC Banner
Empty Ad
Empty Ad

රුසියාව තවත් කුරුමාණමක් අල්ලයි ?

රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ලොව පුරා මතුවෙමින් පවතින්නේ දැඩි අවිනිශ්චිත බවකි.

යුක්‍රේන ගැටුම් හේතුවෙන් ලෝක බලවතුන් වන රුසියාව සහ අමෙරිකාව අතර පවතින නොහොඳ නෝක්කාඩුව ද වර්ධනය වෙමින් පවතී.

රුසියාවට එරෙහිව අනෙක් රටවල්, අමෙරිකාව විසින් මෙහෙයවමින් සිටින බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පවසති.

විශේෂයෙන්ම රාජ්‍යතාන්ත්‍රිකව සහ ආර්ථිකමය වශයෙන් රුසියාවට බලපෑම් එල්ල කිරීමට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සමත් වී තිබේ.

ඊට එරෙහිව ලැබිය හැකි ප්‍රතිප්‍රහාර සම්බන්ධයෙන් අමෙරිකාව දැඩි විමසිල්ලෙන් පසුවන බව CNN පුවත් සේවය වාර්තා කළේය.

විශේෂයෙන්ම මෙම ගැටුම සයිබර් අවකාශයට ගෙනයෑමට රුසියාවට ඇති හැකියාව අමෙරිකාව බැහැර නොකරයි.

අතීතයේද හකරුන් භාවිත කරමින් රුසියානුවන් අමෙරිකාවට පමණක් නොව ලෝක ආර්ථිකයටද සැලකිය යුතු බලපෑමක් සිදුකර ඇති බව සත්‍යයකි.

එබැවින්  “ransomware” ප්‍රහාර සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස බැංකු, මූල්‍ය ආයතන සහ අනෙකුක් ප්‍රධාන ආයතන වෙත දැනුම්දීමට අමෙරිකානු බලධාරීන් දැනටමත් ක්‍රියාකර තිබේ.

විශේෂයෙන්ම සයිබර් ප්‍රහාර එල්ල කිරීමට රුසියානුවන් ට ඇති හැකියාව කිසිවෙක් සුළුවට නොගනී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?