රුසියාව යුක්රේනියාවට ගැටුම ඇති වුයේ ඇයි ? දයාන් ජයතිලකගේ විග්‍රහය

ආචාර්ය දයාන් ජයතිලක රාජ්‍ය තාන්ත්‍රිකයෙක්.ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මනා අවබෝධය ඇත්තෙක්.

ඔහු රුසියාව හා යුක්රේනියාව අතර ඇතිව තිබෙන යුද්ධයට හේතු වූ කරුණ විග්‍රහ කරනවා.

“පශ්චාත් යුද සමයේදී ඇමරිකාව , රුසියාවත් සමඟ බොහොම මිත්‍රශීලීව වැඩ කළා.එසේ මිත්‍රශීලීව සිටි කාලයේ ඇමරිකාව නේටෝ සංවිධානයත් සමඟ එකතුවෙලා රුසියාව දෙසට නේටෝ සංවිධානයේ බලපෑම ගෙනිච්චෙ.කලින් සෝවියට් දේශයේම කොටසක් වෙච්ච යුක්රේනියාව කිව්වා අපිටත් නේටෝ සංවිධානයට එන්න ඕන කියලා.”

ප්‍රශ්නයට ආරම්භය ලැබුණු ආකාරය ගැන ආචාර්ය ජයතිලක සඳහන් කරන්නේ ඒ ආකාරයට.

යුක්රේනියාවේ එම එල්ලීමට මීට සංවිධානයේ දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව ආචාර්ය ජයතිලක කියන්නේ මෙන්න මෙහෙම කතාවක්.

“නේටෝ සංවිධානයේ කිව්වා යුක්රේනියාවට කිව්වා අපේ සංවිධානයට කවදහරි එන්න පුලුවන් හැබැයි දැන් බැහැ කියලා.ඒ වෙනුවට බටහිර රටවල යුධ ආයුධ යුක්රේනියාවට යැව්වා.කැනඩාව වගෙ යුක්රේනියාවට බොහෝ දුරින් පිහිටි රටවල් පවා පුරුදු පුහුණු කරන්න ගත්තා යුක්රේනියානු හමුදාව.”

ඒ සමගම යුක්රේනියාව සම්බන්ධයෙන් රුසියාවේ ස්ථාවරය වෙනස් වූ බවයි ආචාර්ය ජයතිලක සඳහන් කරන්නේ.

“රුසියාව හිතුවා මේ දේවල් සිද්ධ වෙන්නේ අපේ දොරකඩ.එතන ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල බලකොටුවක් බවට පත්වෙන එක වළක්වන්නයි බැරිම තැන රුසියාව මෙම තීරණයට එළඹුණේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !