පැට්‍රල් හංගන ශෙඩ් වලට ශොට් එක දෙන්න පොලිසිය සූදානම්…

රට පුරා ඇති ඉන්ධන පිරවුම්හල් පරීක්ෂා කිරීමට පොලීසිය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගනු ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ මිල වැඩිවීමක් සිදුවේයැයි අපේක්ෂාවෙන් ඇතැම් ඉන්ධනහල් ඉන්ධන සඟවාගෙන සිටිය හැකි බවය.

“අපි රට පුරා පොලීසියත් පාරිභෝගික කටයුතු  අධිකාරියත් හරහාත් පරීක්ෂා කරනවා ඇත්තටම ඉන්ධන ඉවර වෙලා ද? නැත්තම් මිල වැඩිකිරීමක් බලාපොරොත්තුවෙන් සඟවගෙන ඉන්නවා ද? කියලා. ඊයේ දිනයේ පෝලිම් තිබුණා. ඒ පෝලිම්වල සියලුදෙනාටම ඉන්ධන සැපයුවා. ඒ කියන්නේ සියලුදෙනාටම ඉන්ධන ලැබෙනවා නම් ඉන්ධන හිඟයක් ඇතිවෙලා නෑ. නමුත් නොයෙකුත් තැන්වල මිල වැඩි කරයි කියන අදහස මත ඉන්ධන සඟවාගෙන ඉන්න පුළුවන්.”

“තවමත් ලංගමවත් පෞද්ගලික බස් රථවත් ණයට ඉන්ධන ලබාගන්නේ නෑ. ගෙවලා ඉන්ධන ගන්න අයට ප්‍රශ්නයක් තියෙනවා කියලා තවම අපිට දන්වලා නෑ. ඉන්ධන රටට ගෙන්වීම ප්‍රමාද වුණොත් බස් කර්මාන්තයට බලපායි.”

“සමහර අය භූමිතෙල් ටිකකුත් දානවා. නමුත් මං හිතන්නේනෑ භූමිතෙල් සම්පූර්ණයෙන් දාලා දුවන්න පුළුවන් වෙයි කියලා.”

“ඇමතිවරයාට වගකීමක් තිබෙනවා රටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය පවත්වාගෙන යන්න. අපි විශ්වාස කරනවා ඒ අය ඒ අයගෙ වැඩේ කරයි..අපේ වැඩේට බාධාවක් නොවන ලෙස කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59