කොස් ගෙඩියක් රුපියල් 36600 ක්

ලන්ඩනයේ පැරණිතම සහ විශාලතම ආහාර වෙළෙඳපොළක් වන බරෝ මාකට් හි කොස් ගෙඩියක් ස්ටලින් පවුම් 160ක් මුදලකට අලෙවි කිරීමට තබා ඇති ඡායාරූපයක් පිළිබඳ ප්‍රවෘත්තියක් BBC සිංහල පුවත් අඩවිය විසින් අද (23) දින වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ලන්ඩනයේ දී කොස් ගෙඩියකට නියම කර ඇති මිල ශ්‍රී ලංකා මුදලින් රුපියල් 44,200 ක් පමණ වනු ඇති.

මෙම ඡායාරූපය BBC වාර්තාකරුවෙකු වන රිකාඩෝ සෙන්රා විසින් ගෙන තිබෙන අතර, එය ඔහුගේ මව්රට වන බ්‍රසීලයේ Twitter ප්‍රජාව අතර සැණින් ප්‍රචලිත වී තිබෙනවා.

එය 100,000 වාරයකට වඩා Share වී තිබෙනවා.

බ්‍රසීලයේ බොහෝ ප්‍රදේශවල දී නැවුම් කොස් ගෙඩියක් ඩොලර් 1.10ට සමාන මිලකට (රු. 230ක පමණ මිළකට) සොයාගත හැකි අතර අනෙකුත් බොහෝ නිවර්තන රටවල ද ඒ හා සමානව දැරිය හැකි මුදලකට මිලට ගත හැකියි.

බොහෝ තැන්වල බහුලව පිහිටා ඇති කොස් ගස්වලින් නොමිලේම ගෙඩියක් නෙලාගත හැකි නමුත්, ඵලදාවෙන් අති බහුතරය බ්‍රසීලයේ වීදි අයිනේ වැටී, නරක් වී යනු දක්නට ලැබෙනවා.

image 37
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?