වාරණ නියෝගය ඉවතට : රසිකයින්ට සුභ පණිවිඩයක්

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවත් කර තිබෙනවා.

අදාළ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ විසිනුයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ.

පෙත්සම්කරු කියා තිබුණේ, තමා සහ එම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනා එක්ව “ජය ශ්‍රී” යනුවෙන් සංගීත කණ්ඩායමක් පිහිට වූ බවයි.

වගඋත්තරකරුවන් දෙදෙනා මේ වන විට සංගීත කණ්ඩායමෙන් ඉවත්ව සිටින අතර ඔවුන් තමන්ගේ අනුමැතියකින් තොරව එම සංගීත කණ්ඩායම විසින් සම්පාදනය කළ “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත ගායනා කරන බවත් එය බුද්ධිමය දේපළ පනතට පටහැනි බවත් පැමිණිලිකරු අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු වාණිජ මහාධිකරණය වගඋත්තරකරුවන් දෙදෙනාට නොතීසි නිකුත් කරමින් අදාළ වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් අද දිනයේ එම වාරණ නියෝගය ඉවත් කිරීමෙන් පසු ජය ශ්‍රී සාමාජිකයින් මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. ඔවුන් දෙදෙනා සඳහන් කළේ, එම ගීත අතරින් බහුතරයක් ඔවුන් දෙදෙනා විසින් ගැයූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18
Video thumbnail
රන්වලට පුම්බන්න බැලුන් නෑලු - බැලුන් හිඟයි ලු
10:44
Video thumbnail
හරිණිගේ දියාරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ගුරුවරුත් මඥ්ඥන් වෙලා..අගක් මුලක් නෑ..තනිකර පිස්සුවක්
18:22
Video thumbnail
උපාධිධාරීන්ට සාධාරණයක් ඉල්ලා සජිත් පාරට බහී
05:15
Video thumbnail
මහ රෑ මතුගම රත්කළ ඝා#තනය
01:13
Video thumbnail
මාතලේට ගිය නාමල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්..
01:14
Video thumbnail
තලතා ලෙසටම ෆයර්වෙයි - විපක්ෂයට විකෘති මනසක් නෑ..රෑට රෑට පැලවත්තේ එකතුවෙලා.. කියුබාවට පනින්න යන්නේ?
12:05


?