AFC Banner
Empty Ad
Empty Ad

රටපුරා ඇති පැරසිටමෝල් හිඟයට හේතුව හෙළිවෙයි

රට පුරා පැරසිටමෝල් ඖෂධයේ හිඟයක් පැවතීමට හේතුව පවතින වසංගත තත්ත්වය නිසා පැරසිටමෝල් ඉල්ලුම සියයට 275කින් ඉහළ යාම ත් ඊට සරිලන පරිදි සැපයුම නොමැති වීම ත් බව ඖෂධ නියාමන සැපයීම් හා නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා.

කොවිඩ් රෝගීන් මෙන් ම මේ වන විට රටපුරා පැතිර යන වෛරස් උණට හා ඩෙංගු රෝගයට ද ඖෂධ ලෙස නිර්දේශ වන්නේ පැරසිටමෝල් බව කී අමාත්‍යවරයා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ දෛනික පැරසිටමෝල් නිෂ්පාදනය පෙති ලක්ෂ තිහක් බවත් පෙරේදා සිට එය ලක්ෂ 32ක් දක්වා වැඩිකළ බව ත් හෙළි කළේ.

පැරසිටමෝල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිල සියයට 150ක් පමණ දක්වා ඉහළ ගොස් ඇතැයි ද සඳහන් කර සිටියේ.

ලොව පුරා පැරසිටමෝල් ඖෂධය සඳහා පවතින ඉල්ලුම ද බොහෝ සේ ඉහළ ගොස් ඇති බව කී අමාත්‍යවරයා රට තුළ ම ඖෂධ නිපදවා ගැනීම පවතින තත්ත්වයට හොඳ ම විසඳුම බව ද ඔහු පැවසුවේ.

මහාචාර්ය චන්න ජයසුමන මේ අදහස් පළ කළේ කොළඹ හිල්ටන් හෝටලයේ පෙබරවාරි මස 22 වෙනිදා පැවති අදාළ ගිවිසුම් අස්සන් කිරීමේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?