රටපුරා ඇති පැරසිටමෝල් හිඟයට හේතුව හෙළිවෙයි

රට පුරා පැරසිටමෝල් ඖෂධයේ හිඟයක් පැවතීමට හේතුව පවතින වසංගත තත්ත්වය නිසා පැරසිටමෝල් ඉල්ලුම සියයට 275කින් ඉහළ යාම ත් ඊට සරිලන පරිදි සැපයුම නොමැති වීම ත් බව ඖෂධ නියාමන සැපයීම් හා නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා.

කොවිඩ් රෝගීන් මෙන් ම මේ වන විට රටපුරා පැතිර යන වෛරස් උණට හා ඩෙංගු රෝගයට ද ඖෂධ ලෙස නිර්දේශ වන්නේ පැරසිටමෝල් බව කී අමාත්‍යවරයා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ දෛනික පැරසිටමෝල් නිෂ්පාදනය පෙති ලක්ෂ තිහක් බවත් පෙරේදා සිට එය ලක්ෂ 32ක් දක්වා වැඩිකළ බව ත් හෙළි කළේ.

පැරසිටමෝල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිල සියයට 150ක් පමණ දක්වා ඉහළ ගොස් ඇතැයි ද සඳහන් කර සිටියේ.

ලොව පුරා පැරසිටමෝල් ඖෂධය සඳහා පවතින ඉල්ලුම ද බොහෝ සේ ඉහළ ගොස් ඇති බව කී අමාත්‍යවරයා රට තුළ ම ඖෂධ නිපදවා ගැනීම පවතින තත්ත්වයට හොඳ ම විසඳුම බව ද ඔහු පැවසුවේ.

මහාචාර්ය චන්න ජයසුමන මේ අදහස් පළ කළේ කොළඹ හිල්ටන් හෝටලයේ පෙබරවාරි මස 22 වෙනිදා පැවති අදාළ ගිවිසුම් අස්සන් කිරීමේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39