AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගැන රජයේ මතය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය සහ උපදෙස් ලබාගැනීමටත් අනෙකුත් ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත් රජය පියවර ගෙන ඇති බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

“ශ්‍රී ලංකාව පසුගිය වරස 50කට ආසන්න කාලය තුළ 29 වතාවක් IMF එකෙන් ආධාර සහ ණය ලබාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශාලතම ණය ප්‍රමාණය ලබා ගත්තේ 2009 වසරේදී. අපි ඒ සම්බන්ධයෙන් දැඩි මතයක නෑ. IMF සහය සහ උපදෙස් ලබා ගැනීමටත් අනෙකුත් ආයතන සමග සහයෝගයෙන් කටයුතු කරන්නටත් රජය කටයුතු කරනවා. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග දැනටමත් රජය ගනුදෙනු කරමින් සිටිනවා.” අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?