AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු ප්‍රහාරයේ සියලුම වාර්තා පාර්ලිමේන්තුවට

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් පාර්ලිමේන්තුවට භාර දෙනු ලැබුවා.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙළුම් 88කින් යුක්ත සම්පූර්ණ වාර්තාව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී භාර දෙනු ලැබුවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ පරීක්ෂණ කොමිෂමේ අවසන් වාර්තාව 2021 අප්‍රේල් 08 වන දින පාර්ලිමේන්තුවට භාර දුන් අතර නීතිමය හේතුන් මත මෙතෙක් ඒ හා සබැඳි සාක්ෂි සටහන් හා සලකුණු අනාවරණය නොකෙරුණා.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අනාවරණය කරගත් කරුණු ජනතාව අතරට සන්නිවේදනය විය යුතු බැවින් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැඩිදුර පරිශීලනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අදාළ ලිපිගොනු පාර්ලිමේන්තුවට භාර දීම සිදු විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?