එඩ්ත්නා ගිනි කන්ද විධාරණය වෙයි 

යුරෝපයේ උසම සහ වඩාත් සක්‍රියම ගිනි කන්ද ලෙස සැළකෙන ඉතාලියේ එඩ්ත්නා ගිනි කන්ද නැවත වරක් විධාරණය වී තිබෙනවා.

ඉන් කිලෝ මීටර් 10ක් පමණ දුරට දුම් සහ අළු නිකුත් වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් අවට ගම්මාන කිහිපයකට ද බලපෑම් එල්ල වී තිබෙනවා.

එමෙන්ම කතානියා ගුවන්තොටුපොළ වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මීටර් 3,330ක් උසැති එඩ්නා ගිනි කන්ද වසරකට කිහිපවරක් මෙසේ විධාරණය වන නමුත් ඉන් පුද්ගල හෝ දේපල හානි සිදුවීම දුර්ලභ වනවා.

මේ වසරේ ගිනි කන්ද විධාරණය ආරම්භ වී තිබුණේ ඉකුත් 16 වනදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?