රටට එන හැම තෙල් නැවකටම මුදල් සොයන එක අපේ වගකීම නොවෙයි – මහ බැංකු අධිපති

මෙරටට තෙල් ගෙනඑන හැම නැවකටම මුදල් සොය සොයා දීම ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය භාරය නොවන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

ඔහු තවදුරටත් පැවසුවේ තෙල් සංස්ථාවට දියහැකි ණය සීමාව ඉක්මවා නොයන ලෙස රාජ්‍ය බැංකුවලට උපදෙස් දී ඇති බවයි.

මතුව ඇති ඩොලර් අර්බුදයත් සමඟ උද්ගතව ඇති විදුලි අර්බුදය හා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මේ බව ප්‍රකාශ කර සිටියා.

ප්‍රශ්නය: අද ජාතික පුවත්පත් වාර්තා කරලා තිබුණා ඛනිජ තෙල් සංස්ථාවට මින් ඉදිරියට ණය ලබාදීම අත්හිටුවන්න කියලා ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය බැංකු වෙත දැනුම් දී තිබෙන බව. එවැනි තීරණයක් ගැනීමට පදනම් වුණු හේතු මොනවද ?

මහ බැංකු අධිපති: “ඒ ප්‍රවෘත්තිය හරියටම නිවැරදි නෑ. ඇත්තවශයෙන්ම අපි කියලා තිබෙන්නේ සෑම ගනුදෙනුකරුවෙකුටම තියෙනවා යම් නිශ්චිත ලබාදිය හැකි මුදල් ප්‍රමාණයක්. ඒ කියන්නේ බැංකුවකට බෑ අසීමිත ලෙස යම් ගනුදෙනුකරුවෙකුට ණය දෙන්න. ඒකට යම් සීමාවක් තිබෙනවා. ගනුදෙනුකරුවාට ලබාදිය හැකි සීමාව තීරණය වෙන්නේ බැංකුවේ සම්පත් අනුව. ඉතින් අපි මහ බැංකුව හැටියට මේ බැංකු නියාමනය කරන නිසා බැංකුවලට නියමකරලා තියෙනවා විශේෂයෙන්ම රාජ්‍ය බැංකුවලට තෙල් සංස්ථාවට දියහැකි ඒ ණය ප්‍රමාණය ඒ සීමාව ඉක්මවා යන්න එපා කියලා. ණය දෙන්න එපා කියලා නෑ. ණය දෙන්න පුලුවන්. ඒ ණය දෙන සීමාව ඉක්මවා නොගොස් කරගන්න ඕනේ කියන එක තමයි අපි කියන්නේ.”

ප්‍රශ්නය: තෙල් සංස්ථාවට ණය ලබාදීම අත්හිටුවනවා නම් තෙල් මිලදී ගන්න නොහැකි වෙනවා කියලා විෂයභාර ඇමති කියනවා. මොකක්ද එතකොට ඉන්ධන හිඟයක් ඇති නොවීම සඳහා ගතයුතුව තිබෙන පියවර ?

මහ බැංකු අධිපති: “නෑ එහෙම එකක් සිදු වන්නේ නෑ. සිදුවෙන්නේ ඒ සීමා තුළ ගනුදෙනු කරන්න ඕනේ කියන එක තමයි තියෙන්නේ. නැත්නම් වෙන බැංකුවකින් මුදල් ලබාගන්න පුලුවන් අයට ඒ මුදල් ලබාගන්න පුලුවන්. කිසි ගැටලුවක් නෑ. එක එක බැංකුවලින් ලබාදිය හැකි මුදල් ප්‍රමාණයේ යම් සීමාවක් තිබෙනවා. ඒ සීමාව යටතේ තමයි කටයුතු කරන්නට සිදුවෙලා තියෙන්නේ තෙල් සංස්ථාවට වෙන බැංකුවකින් මුදල් ලබාගැනීමට ඕනේ නම් එතන කිසිදු බාධාවක් නෑ. තෙල් සංස්ථාවට ඒක කරගෙන යන්න පුලුවන්. මම හිතන්නේ අපි මෙතනදී කියලා තියෙන්නේ ඒ ගැන. ඒ නිසා තෙල් සංස්ථාව ඩොලර් ලබාගැනීමට නම් රුපියල් උපයෝගිකර ගන්නට ඕනේ. රුපියල් තිබෙන්නට නම් ඒ අය තෙල් රුපියල්වලට විකුණද්දී ඒ තෙල් විකුණන්නට අවශ්‍යයි. තමන්ගේ ඒ පිරිවැයක් තිබෙන්නට ඕනේ තමන් ගන්න මිලට වඩා වැඩිවෙන විදියට. එතනදී තමයි අවශ්‍ය වෙන්නේ එක නිසියාකාරව කෙරෙන්න. තෙල් සංස්ථාව ඒ විදියට කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

ප්‍රශ්නය: මෙරටට පැමිණ ඇති ඉන්ධන නෞකා හා අත්‍යවශ්‍ය භාණ්ඩ බහාලුම් නිදහස් කරගැනීමට ඩොලර් නිකුත් නොකරන බවට මහ බැංකුවට චෝදනා තියෙනවා. නමුත් ඔබ කියනවා මහ බංකුව සතුව ඩොලර් තියෙනවා කියලා. එහෙනම් ඇයි මේ ප්‍රමාදය ?

මහ බැංකු අධිපති: “ඩොලර් මිලියන 400ක පමණ තෙල් ගේනවා මාසෙකට මේ රටට. එක නැවකින් පමණක් නෙමේ ගෙන්නන්නේ . නැව් රාශීයක් එනවා.ඉතින් ඒ නිසා ඒ නැව්වලට ගෙවීම් කරන ආකාරයට තෙල් සංස්ථාව ඒ අයගේ ගනුදෙනු රැස්කර ගැනීමට අවශ්‍යයි. ඒ නිසා ඒ අයගේ වගකීම තමයි ඒක කරගැනීම. මහ බැංකුවට තියෙන්නේ තෙල් ගේන හැම නැවකටම මුදල් හොය හොය දෙන එක නෙමේ. මහ බැංකුවේ කාර්ය භාර්යෙන් ඔබ්බට ගිහිල්ලා අපි සමහර අවස්ථාවලදී උදවු කරලා තියෙනවා. ඒ වුණත් මෙතනදී තෙල් සංස්ථාවටයි ඒ ඒ අමාත්‍යාංශවලට තිබෙනවා වගකීමක් ඒ අවශ්‍ය ප්‍රමාණයට මුදල් එකතුකර ගැනීමට ඒ අය කටයුතු කරන්නට අවශ්‍යයි. මං හිතන්නේ එකත් කරගෙන යනවා. එකින් එක ඒ පිළිබඳව සොයාබලා ඒවා කරගැනීම තෙල් සංස්ථාවේ වගකීමක්. තෙල් සංස්ථාව ඒ වගකීම ඉෂ්ඨකරයි කියලා අපි විශ්වාස කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58