මෙවර උසස් පෙළ විභාගයේ තමන්ට නියමිත සියලු විශයන් සදහා පෙනීසිටි සිසුන් වහාම තමන්ට නියමිත දෙවන කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රාව ලබාගැනීමට යොමු වෙන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.
දිවයිනපුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල වල පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථාන ඒ වෙනුවන් සූදානම් කර ඇති බවයි ඔවුන් දැනුම්දෙන්නේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනගේ මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු පැහැදිලි කලා.













