අලුත් සමාජ මාධ්‍ය යෙදුමක් හඳුන්වා දෙයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය එළිදක්වා තිබෙනවා. එය එළිදක්වා ඇත්තේ ඇපල් මෘදුකාංග යෙදුම වන App Store හරහයි.

එම සමාජ මාධ්‍ය මෙවලම ඇණවුම් කර සිටි ග්‍රාහකයින්ගේ ඇපල් මෙවලම් සඳහා “Truth Social” ලෙස නම්කර ඇති එම සමාජ මාධ්‍ය මෙවලම ඉබේම ඩවුන්ලෝඩ් වෙයි.

පසුගිය වසරේ ලොව ප්‍රධාන සමාජ මාධ්‍ය ජාල කිහිපයක්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ව තහනම් කරනු ලැබුවා. ඒ, වොෂිංටන් “යූඑස් කැපිටෝල්” ගොඩනැගිල්ලට විරෝධතාකරුවන් පිරිසක් 2021 ජනවාරි 06 වනදා කඩා වැදීමේ සිද්ධියෙන් අනතුරුවයි. ට්විටර්, ෆේස්බුක්, සහ යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාල ඩොනල්ඩ් ට්‍රම්ප් ව තහනම් කරනු ලැබුවා.

ඉන් අනතුරුව තමාගේම සමාජ මාධ්‍ය ජාලයක් එළිදක්වන බව හිටපු ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ.

නව සමාජ මාධ්‍ය මෙවලමට දැඩි ඉල්ලුමක් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?