ටුවරිසම් ගොඩ ගන්න අමුතු වැඩක් කරන්න යන නිළිය

ජාත්‍යන්තරය ජයගත් රූ රැජිනක්, නිරූපණ ශිල්පිනියක් වන රධිකා තිළිණි මේ වනවිට රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරනවා. එමෙන්ම ඇය ජාත්‍යන්තර රූ රැජින තරඟාවලියක් ලංකාවේ පැවැත්වීමටද කටයුතු කරමින් සිටිනවා. ඒ පිළිබඳව ඇය සාරවිට සමග පැවසුවේ මෙලෙසින්.

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයක රංගනයෙන් සම්බන්ධ වෙලා තිබෙනවා. අයි.ටී.එන් එකේ විකාශය වන ‘ඉන්ටර්නැෂනල්’ ටෙලි නාට්‍යයෙන් මාව දැකගන්න පුළුවන්. ‘ඉන්ටර්නැෂනල්’ නාට්‍යයේ ක්‍රිස්ටිනාගේ චරිතයට මම රංගනයෙන් දායක වෙන්නේ. ඒ එක්කම තව චිත්‍රපට දෙකක වැඩ බාරගෙන තිබෙනවා.

ක්‍රිස්ටිනාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

‘ඉන්ටර්නැෂනල්’ කියන්නේ මගේ පළමු ටෙලි නාට්‍ය. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒකේ මම රඟපාන්නේ ප්‍රේමාන්විත චරිතයක්. ඒක සාර්ථකව කරගන්නේ කොහොමද කියලා දුලීකා අක්කියි සුජීව අයියයි මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඒකෙන් පස්සේ තමයි මට අනෙක් වැඩ ලැබුණේ.

මේ දිනවල නිරූපණයට ඉඩක් දීලා නැද්ද?

නැහැ නැහැ. මට ජාතික සහ ජාත්‍යන්තර ටයිට්ල් පහළොවක් තිබෙනවා. ඒක මට ගොඩක් ආඩම්බරයෙන් කියන්න පුළුවන්. මොකද මම ඒවා මගේ දක්ෂතාවයෙන් ගත්තේ. ඊටපස්සේ මට ආරාධනාවක් ලැබෙනවා ජාත්‍යන්තර රූ රැජින තරඟාවලි සංවිධානයකින් ලංකාවේ පැජන්ට් එකක් කරන්න කියලා. එයාලා අපිට රටවල් පණහක් ලබාදෙනවා. මම ඒක බාරගත්තා. ඒ ඉවෙන්ට් තමයි මේ දවස්වල ප්ලෑන් කරගෙන යන්නේ.

ඒ ගැන තව විස්තර ටිකක් කියමුද?

දැන් රට වැටිලා තිබෙන වෙලාවේ, ටුවරිසම් වැටිලා තියෙන වෙලාවේ මට පුළුවන් වෙයි මේ පැජන්ට් එක හරහා ඒක ගොඩගන්න. එයාලා රටවල් පණහක් කිව්වාට මගේ ඔළුවේ තියෙන්නේ රටවල් හතළිහයි. අපි හතළිහක් කියලා ගත්තොත් මට පුළුවන් ඒ රටවල් හතළිහට අපේ රටේ බ්‍රෑන්ඩ්ස් ප්‍රවර්ධනය කරන්න. ගොඩක් සන්තෝස වෙනවා මට ලංකාවට ගොඩක් ලොකු දෙයක් කරන්න පුළුවන් වෙන එක ගැන.

පහුගිය කාලේ ලංකාවේ සිදුවුණු දේවල් නිසා පැජන්ට් කියන වචනයටත් මිනිස්සු අකමැතියි. ඔබේ පැජන්ට් එකටත් ඒකම වුණොත්?

නැහැ. මගේ පැජන්ට් එකේදී ඒ වෙලාවේ විනිශ්චය කරලා ඒ වෙලාවේම තමයි ජයග්‍රාහකයා තෝරන්නේ. මම මුදලට මගේ පැජන්ට් එකේ ටයිට්ල් විකුණන්නේ නැහැ. රටවල් පණහක් හරි හතළිහක් හරි මම ලංකාවට ගෙනල්ලා එයාලගෙන් සල්ලි අරගෙන පැජන්ට් එකක් කළොත් මට මේක ඇනුවල් ඉවෙන්ට් එකක් විදිහට කරන්න ලැබෙන්නේ නැහැ. එතකොට මගේ නම සවුත්තු වෙනවා. මගේ නම සවුත්තු වෙලා නැති නිසා තමයි ඒ ඕගනයිසේෂන් එකෙන් මාව තෝරාගත්තෙත්. ඉතින් මගේ ප්ලෑන් එක තිබෙනවා මේක ඇනුවල් ඉවෙන්ට් එකක් විදිහට හැම අවුරුද්දකම කරන්න. හැබැයි මගේ පැජන්ට් කවදාවත් මුදලට විකිණෙන්නේ නැහැ කියලා මම කියනවා.

ඔබ වැඩියෙන්ම කැමති නිරූපණයටද රංගනයටද?

මෙහෙමයි. සිරස ටී.වී තමයි මගේ මුල් තැන වුණේ. සිරස කුමරිය, සිරස කැදැල්ල හරහා තමයි මම ආවේ. හැබැයි මම ඊටකලින් ඉඳලා මොඩ්ලින් කළා. මම මොඩ්ලින් කරන්න පටන්ගත්තේ 2004දි වගේ. එතකොට මම ෆීල්ඩ් එකේ ලොකුවට හිටියේ නැහැ. මගේ රැකියාවට තමයි එතකොට මම මුල් තැන දුන්නේ. හැබැයි මගේ ආසම චරිතයක් තමයි රෝසි සේනානායක මහත්මියට. ඒ කාලේ ඉඳලාම මට ඇය වගේ චරිතයක් වෙන්න ආසයි. සිරස කියන්නේ ටෙලි නාට්‍ය හදන තැනක්. එතන ඉඳලම මට අවස්ථා ලැබුණා රංගනයට. නමුත් මගේ රැකියාව මුල් කරගත්තු නිසා සහ බියුටි පැජන්ට් පැත්තට බරක් දුන්නු නිසා රඟපෑම තෝරගත්තේ නැහැ. දැන් මම ඒ දේවල් හැබෑ කරගත් නිසා මම දැන් රංගනය පැත්තට ආවා.

ඒ කාලේ පැජන්ට් සහ අද පැජන්වල තත්ත්වය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම වෙනස්. අද මුදලට පැජන්ට් එක යන්නේ. ඒවා බාල වැඩ. ඒක ඉස්සර තිබුණේ නැහැ. ඒවා අද සෝෂල් මීඩියාවලින් සාක්ෂි සහිතව ඔප්පු වෙද්දි මම තවත් ඒ ගැන කතා කරන්න ඕනේ නැහැනේ. හැබැයි ඉන්ටර්නැෂනල් පැජන්ට් සල්ලිවලට ගන්න බැහැ.

ඔබේ පැජන්ට් එක පටන් ගන්නේ කවදාද?

මම සැලසුම් කරගෙන ඉන්නේ සැප්තැම්බර්වල කරන්න. අනෙක් රටවල holiday පටන්ගන්නේ සැප්තැම්බර් නොවැම්බර්නේ. ඒ කාලේ තමයි මම පැජන්ට් එක කරන්නේ.

(කැළුම් දේවින්ද)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම W15 හෝටලයේ වෙ# තැබීමේ සැකකාර හිටපු පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
01:42
Video thumbnail
ඔයා ගොඩාක් ලස්සන වෙලානේ - රනිල් ලැජ්ජා වෙයි
02:14
Video thumbnail
මම කිව්වනේ ඔයාට අරගලයට යන්න එපා කියලා - ඉරාජ් දාපු කින්ඩිය
02:11
Video thumbnail
රත්න සහල් මුදලාලිගේ වී මෝල් සංකීර්ණයේ හදිස්සියේම ඇතිවූ ගින්න
02:38
Video thumbnail
එන්න එන්න යුග පුරුෂයා - මිහින්තලේ හිමි මහින්දගේ ගුණ වයයි
02:14
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සිරි සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40


?