මේ වෙනකොට රටේ ඉන්ධන හිඟයක් නැහැ :ගම්මන්පිල

ඉන්ධන මිල වැඩි කරන තෙක් ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ මේ හේතුවෙන් දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල මේ වන විට ඉන්ධන හිගයක් දක්නට ලැබෙන බවය.

“කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු ලංකාවේ තියෙන සියලු දිස්ත්‍රික්කවල ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නෑ. පිරවුම්හල් හිමියෝ කියනවා ඇනවුම් දාලා ඩීසල් ඇනවුම එනකොට පෙට්‍රල් නෑ, පෙට්‍රල් ඇනවුම එනකොට ඩීසල් නෑ එහෙම නැත්නම් දෙකම නැති තත්ත්වයක් තියෙන්නේ. එක අතකින් පිරවුම්හල් හිමියෝ අසරණ වෙලා තියෙනවා. එක පැත්තකින් පාරිභෝගිකයින්ට තෙල් ටික ගන්න නෑ අඩු මිලට.වැඩි මිලට LIOC එකට යන්න වෙලා.

සංස්ථාව කියනවා නම් ඇමැතිත් කියනවා නම් ඇතිවෙන්න තෙල් තියෙනවා කියලා. එහෙනම් පිරවුම්හල්වල හංගලා තියෙන්නේ. හංගපුවා පරීක්ෂා කරන්න නියම ක්‍රමවේදයක් අපේ සංස්ථාව සතුව තියෙනවා.කිසිම කෙනෙක් ගිහිල්ලා බලලා නෑ. මේ ටැංකි පරීක්ෂා කරන්න අපිට අයිතියක් තියෙනවා ඒක තාම කරලා නෑ. ඒක කෙරුවා නම් හංගලා ද කියලා හොයාගන්න පුළුවන්. ඉන් එකක් තේරෙනවා ඉන්ධන මිල වැඩිකරනතුරු තෙල් බෙදාහැරීම ඉතාම සීමිතයි. හේතුව ඇමතිතුමා ඇතිවෙන්න තෙල් තියෙනවා කියනවා. ඉන්ධන පිරවුම්හල්වල තෙල් නෑ. තෙල් නැති නිසා ජනතාව පෝලිමේ.”

කෙසේවෙතත් මේ වන විට රටේ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර අවශ්‍ය ඉන්ධන තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

මේ අතර ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙලෙස අදහස් පල කළේය.

“මේ දිනවල ශ්‍රී ලංකාව ඉන්ධන මිලදීගැනීමට විදේශ විනිමය සොයාගැනීමේ බරපතළ අභියෝගයක ඉන්නේ. රටට එකතුවෙන අපනයන ආදායමෙන් තුනෙන් දෙකක වැඩි ප්‍රමාණයක් ඉන්ධන සඳහා වැය කිරීම අතිශය දුෂ්කර කටයුත්තක්.

මේ අතරේ තෙල් සංස්ථාවත් ලංකා IOC සමාගමත් දිගින් දිගටම තෙල් මිල වැඩිකිරීමට අපිට ඉල්ලීම් කරන නිසාත් තෙල් මිල වැඩිවුනොත් තමන්ගේ ඉන්ධන තොගයට අලුත් වටිනාකමක් එකතුවෙන නිසා අද රෑ තෙල් මිල වැඩිවෙනවෝ කියලා කටකතාවක් ගියාම ඉන්ධන සඟවාගෙන සිටීමේ ස්ථාන ගණනාවක් ගැනත් අපිට තොරතුරු ලැබුනා, ඔවුන් ගාව ඉන්ධන තිබෙනවා කියලා අපේ වාර්තාවල තිබියදී ඉන්ධන නෑ කියලා තිබුනා.

අපිට සිදුවුනා පරීක්ෂා කරලා ඉන්ධන ලබාදීමට කටයුතු කරන්න. ඉන්ධන මිලදීගැනීමේ දුෂ්කරතාවයක් තිබුණත් මේ වනවිට අපි ගාව තොග තියෙනවා. මිල ඉහළ යාවී යැයි සැකයෙන් කවුරුහරි තෙල් සඟවාගන්නවානම් අනිවාර්යයෙන්ම තෙල් සංස්ථාවට ඒ පිළිබඳව දුරකතනයෙන් දැනුම්දුන්නාම එහි නිලධාරීන් ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙනවා රටේ මේ වෙනකොට ඉන්ධන හිඟයක් නෑ”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?