ඉන්දීය සංගීතඥ බප්පි ලහිරි දිවි සැරිය නිමා කරයි

අසූව දශකයේ හින්දි ගී පද වලට සප්ත ස්වරයෙන් පණ පෙවූ ප්‍රවීන සංගීතඥ බප්පි ලහිරි (69) සිය දිවි සැරියෙන් සමුගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

1952 වර්ෂයේදී බටහිර බෙංගාල හිදී උපත ලැබූ ඔහු කුඩා කාලයේ පටන් සංගීතයට නැඹුරු වී තිබෙනවා. ඒ ඔහුගේ දෙමව්පියන් දෙදෙනාම ගායකයින් වීම හේතුවෙන්.

වන බප්පි ලහිරි 1970 -1980 දශකයේ හින්දි සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට රැසකට සිය දායකත්වය සැපයුවා. ඒ අතර ඩිස්කෝ ඩාන්සර්, නමක් හලාල්, ටෝෆා, කමාන්ඩෝ, වර්ධත් වැනි චිත්‍රපට ප්‍රමුඛ ස්ථානයක තිබෙනවා.

“රත්ත්‍රන් මගේ දෙවියන්” යන පාඨය ඔහුගේ මුවගේ නිතර රැඳුණු තේමාව බවයි ඔහුගේ සමිපතයින් සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?