රට වහන්න යලි ඉඩ තියන්න එපා – ජනපති

ජනතාව නොමග යවමින් රට අගාධයට ඇද දැමීමට පසුගිය ආණ්ඩු කළ කණ්ඩායම් නැවතත් එක්ව සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

කුමන අභියෝග හමුවේ වුව ද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් වූ පොරොන්දු ප්‍රකාරව ගොවි ජනතාවගේ ආදායම සියයට සියයකින් ඉහළ නැංවීමටත් රටත් ජනතාවත් ආරක්ෂා කිරීමටත් තමා කැපවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ “පළමු පොදුජන රැලිය” අමතමින් ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පොදුජන රැලිය පැවැත්වුණා.

“පොහොර නැතුව හරි ඇතුව හරි ගොවි ජනතාවගේ ආදායම 100%කින් මම වැඩිකරනවා. උදුර ගත්තු ඉඩම් ටික ලබාදුන්නා. ගොවිජනතාව වෙනුවෙන් කැපවෙන්න මම සූදානම්.කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිම දෙයක් නොකරපු අය අද ගොවියව රවට්ටලා. රට අගාධයට ඇද දාන්න හදනවා.”

“පසුගිය අවුරුදු 5 මොකද කළේ. අන්තිමට බෝම්බ ගහලා නැවතුනේ. මාත් සමග එකතුවන්න. විශ්වාසය තබන්න. නැවතත් අපිට රට වහන්නට ඉඩ තියන්න එපා. එන්නත් ලබාගන්න.”

“වැඩවර්ජන කරන අයගෙන් මම ඉල්ලනවා ජනතාව දිහා බලන්න. ඔබේ වගකීම තියෙන්නේ ආණ්ඩුව වෙනුවෙන් නෙමෙයි. ජනතාව වෙනුවෙන්.” මෙහිදී ජනාධිපතිතුමා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12