AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිල ගැන රජයේ තීරණය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩි නොකරන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල සඳහන් කර සිටිනවා.

ඉන්දීය ඔයිල් සමාගම විසින් ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඉන්ධන පාරිභෝගිකයන් වැඩි වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධනහල් වෙත ඒම තුළ තෙල් සංස්ථාවට තව තවත් පාඩු විඳීමට සිදුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කරනු ලැබූ අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා ඇත.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 184ක් දක්වා ඉහළ යන අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 124ක් දක්වා ඉහළ දමා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?