AFC Banner
Empty Ad
Empty Ad

U19 ලෝක කුසලානය ඉන්දියාවට

මෙවර 19 න් පහළ ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දීය යොවුන් ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා.

ඒ එංගලන්ත 19 න් පහළ කණ්ඩායම කඩුලු 04 කින් පරාජයට පත් කරමින්.

නෝර්ත් හවුන්ඩ් හි ඊයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 05 ක් අවසානයේ සියල්ලන් දැවී ලබාගත්තේ ළකුණු 189 ක් පමණයි.

ජේම්ස් රෙව් 95 කට දැවී ගියා. රාජ් බාවා ළකුණු 31 කට කඩුලු 05 ක්ද රවි කුමාර් ළකුණු 34 කට කඩුලු 04 ක් ද බිඳ හෙලුවා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ඉන්දීය 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 47 යි පන්දු 04 කදී කඩුලු 06 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?