බොලිවුඩයේ ගීත කෝකිලාව යලිත් අසාධ්‍ය තත්ත්වයට

කොරෝනා ආසාදිතව මුම්බායි නුවර රෝහලකට පසුගිය මාසයේ ඇතුළත් කෙරුණු සුප්‍රකට ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර්ගේ තත්ත්වය යළි අසාධ්‍ය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

කොරෝනා රෝගයට මෙන්ම, නියුමෝනියා තත්ත්වයට ප්‍රතිකාර ලැබූ ලතා මංගේෂ්කාර් ඉන් සුවය ලැබූ බව පසුගිය ජනවාරි 30 වනදා ප්‍රකාශයට පත්කෙරුණා.

එහෙත් දැන් ඇයගේ තත්ත්වය යළි පිරිහී ඇති අතර, රෝහල් දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය අධීක්ෂණ යටතේ සිටින බවයි මුම්බායි බී්‍රච් කැන්ඩි රෝහලේ වෛද්‍ය ප්‍රාටිට් සම්දානි ප්‍රකාශ කළේ.

92 හැවිරිදි ඇය මේ වනවිට වෙන්ටිලේටර් යන්ත්‍රයකට සවි කර ඇති බව සඳහන්.

පරම්පරා ගණනාවක් භාරත සිනමාවේ ගීත කෝකිලාවිය වූ ලතා මංගේෂ්කාර් හින්දි, මරාටි, බෙංගාලි ඇතුළු ඉන්දීය භාෂා සහ විදේශීය භාෂා 36 කින් ගීත දහස් ගණනක් ගායනා කර ඇති අතර, 2001 වසරේදී භාරත් රත්න, සම්මානයෙන් පිදුම් ලැබූයේ ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය ලැබූ දෙවන ගායිකාව බවට පත්වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26