AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ රැකියා අහිමිවු ජනතාව

කොවිඩ් පළමු රැල්ලේදී මෙරට වැටුප් ලබන සේවකයන්ගෙන් සියයට 07 කට සම්පූර්ණයෙන්ම රැකියා අහිමිවී ඇති බව නවතම වාර්තාවක් අනාවරණය කරයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම වාර්තාව එළිදක්වා ඇත.

2020 කොවිඩ් පළමු රැල්ල විසින් මෙරට වැඩ කරන ජනතාවට සිදුකරන ලද බලපෑම එමගින් නිරීක්ෂණය කර තිබේ.

මේ අතර කෘෂි අංශයේ ස්වයං රැකියාවන් හි නිරතවන්නන්ගෙන් 64.3% ක් සාමාන්‍ය පරිදි ඔවුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත වුවද 14.6% ක් පවසා ඇත්තේ ඔවුන්ගේ නිෂ්පාදිත සාමාන්‍ය පරිදි අලෙවි කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

කෘෂි නොවන ස්වයං රැකියාවන් හි නිරතවන්නන්ගෙන් 92.9% ක් ම පවසන්නේ ඔවුන්ගේ ආදායම් මාර්ග පෙර පැවති මට්ටමට වඩා පහළ ගිය බව හෝ සම්පූර්ණයෙන්ම නැවතී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?