විදුලිය විසන්ධි විය හැකි වේලාවන් මෙන්න

අද පස්වරු 6.30 සිට රාත්‍රි 8.30 දක්වා කාලය තුළ පැයක පමණ විදුලිය කප්පාදුවක් සිදුකිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ.

එම මණ්ඩලය පවසන්නේ නොරොච්චෝලේ බලාගාරයේ 03 වන විදුලි ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද යළි අක්‍රිය වීමත් සමග මතුවන මෙගාවොට් 150කට ආසන්න විදුලි හිඟය නිසා මෙම කප්පාදුව කිරීමට සිදුවන බවය.

අද රාත්‍රියේ ජාතික විදුලි ඉල්ලුම ඊයේ දිනයේ මෙන්ම මෙගාවොට් 700 ඉක්මවා ඉහළ ගියහොත් මෙම තත්ත්වය ඇතිවිය හැකිය.

හැකිතාත් විදුලි පරිභෝජනය අවම කර ජාතික විදුලි ඉල්ලුම අඩු කරගැනීමට සහාය වන්නැයිද එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙගාවොට් 2708ක් වූ ඊයේ රාත්‍රී ජාතික විදුලි ඉල්ලුමෙන් සියයට 70ක්  (මෙගාවොට් 1896) තාප විදුලි බලාගාරවලිනුත්, සියයට 27 ක් (මෙගාවොට් 731) ජල විදුලි බලාගාරවලිනුත් සහ සියයට 3ක් (මෙගාවොට් 81) සුළං,සූර්ය බලය හා ජෛව ස්කන්ධ යන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙනුත් සම්පූර්ණ කරගැනුනි.

ජල විදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි හා මාවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් තවදුරටත් පහත බසිමින් පවතිනවා.

එම ජලාශ ආශ්‍රිතව පසුගිය දින කිහිපයේ කිසිදු වර්ෂාපතනයක් වාර්තා වී නැහැ.

ජල මට්ටම පහත බැසීම නිසා කාසල්රි හා මාවුස්සාකැලේ ජලාශවල යට වී තිබූ නටබුන් පවා මේ වනවිට මතුවෙමින් පවතිනවා.

විදුලිය කප්පාදුවක් සිදුකිරීමට අවසර ලබානොදුන් බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළද අද දහවල් කාලයේ සිටම දිවයිනේ ප්‍රදේශ රැසකින් විදුලිය විසන්ධි වීම් වාර්තා වුණි.
 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10