ඉදිකිරීම් කර්මාන්තයට ත් හෙනහුරා ලබයි

සිමෙන්ති, ටයිල්, වානේ ඇතුළුව ඉදිකිරීම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟය පසුපස විදේශ විනිමය අර්බුදයට අමතරව මහා පරිමාණ කළු ව්‍යාපාරික කල්ලියක් සිටින බවට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ කර්මාන්තකරුවෝ සහ ප්‍රවීණ ඉන්ජිනේරුවෝ චෝදනා කරති.

විදේශ විනිමය අර්බුදය නිසා කිසියම් ප්‍රමාණයකින් අමුද්‍රව්‍ය හිඟයක් ඇතත් වෙළෙඳපොළේ මේ වනවිට නිර්මාණය වී ඇති හිඟය ඊට වඩා විශාල වූ කෘත්‍රිම හිඟයක් යැයි ඔවුහු පවසති.

මෙම තත්ත්වය මත සිය ඉදිකිරීම් කර්මාන්තය තවදුරටත් පවත්වා ගැනීමට අපහසු යැයි කියමින් මහා පරිමාණ කර්මාන්තකරුවන් කිහිපදෙනෙකු හා රජය පිළිගත් ආයතන කිහිපයක් ද ඒකාබද්ධව අමුද්‍රව්‍ය ආනයනයට රජයේ ඉහළ ම දේශපාලකයෙකුගෙන්  පසුගිය දිනෙක අවසර ඉල්ලා ඇත. 

එහෙත් එම ඉල්ලීමට අදාළ දේශපාලන බලධාරියා එකඟ වී නැති අතර ඊට හේතු වශයෙන් ඔහු ඉදිරිපත් කර ඇත්තේ රටේ දළ ජාතික නිෂ්පාදිතයට එම කර්මාන්තකරුවන්ගෙන් ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නොවීම යැයි එක් සමාගමක ජ්‍යෙෂ්ඨ ඉන්ජිනේරුවෙක් ‘මව්බිම’ට කීය.

අදාළ ඉහළ දේශපාලන බලධාරියා මෙම තීරණයට එළඹීමට නිර්ණායක හැටියට භාවිත කර ඇත්තේ රජයේ ලියාපදිංචි ඉදිකිරීම්කරුවන්ගේ සංඛ්‍යාව යැයි කී හෙතෙම එය මුළුමනින් ම වැරදි පදනමක් යැයි ද කීය.

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සිටින රජයේ ලියාපදිංචි නොවූ කර්මාන්තකරුවන් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගැනීම ඊට හේතුව යැයි ද එම ජ්‍යෙෂ්ඨ ඉන්ජිනේරුවා කීය.

මෙම සැබෑ අර්බුදය ගැන විපක්ෂයේ දේශපාලකයන්ට පවා නිවැරදි දත්ත නැතැයි පැවැසූ ඔහු මේ නිසා ඔවුන්ගේ විවේචනය ද සිමෙන්ති හිඟය ගැන කතා කිරීමට පමණක් සීමා වී ඇතැයි චෝදනා කළේ ය. 

මේ අතර, වෙළෙඳපොළේ පවතින සිමෙන්ති හිඟයට හේතුව ඉදිරියේදී වෙළෙඳපොළට පැමිණීමට නියමිත නිෂ්පාදන සමාගමක් නිසා බවට විශාල සැකයක් මතුව ඇතැයි ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ප්‍රබලයෙක් ‘මව්බිම’ට පැවසීය.

මේ වසර ආරම්භයේදී රුපියල් දහසට අඩුවෙන් තිබූ සිමෙන්ති කොට්ටයක මිල මේ වනවිට කිසිදු පාලනයකින් තොරව රුපියල් දෙදහස දක්වා ඉහළ යන්නට ඉඩ දී ආණ්ඩුව එම අලුත් නිෂ්පාදනය වෙළෙඳපොළට හඳුන්වා දෙන විටම ඉහළ මිලකට විකිණීමට අවශ්‍ය පසුබිම සකසමින් ඇතැයි ඔහු චෝදනා කළේ ය.

සිමෙන්ති හිඟය හා කළු කඩ ගැන ජනමාධ්‍යයෙන් කොතෙක් වාර්තා කළද පාරිභෝගික අධිකාරියෙන් අවශ්‍ය වැටලීම් නොකර මුනිවත රකින ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඒ නිසා යැයි ද ඔහු කීය.

ටයිල් හා ඇලුමිනියම් ක්‍ෂේත්‍රයේ ද මීට සමාන තත්ත්වයක් මතුව ඇතැයි එම ව්‍යාපාරිකයා කීය.

මෙම කර්මාන්ත අංශවල ඒකාධිකාරියක් ඇතැයි ද එම ඒකාධිකාරී කර්මාන්තකරුවන්ගෙන් වැඩි මිලට නිෂ්පාදන තොග වශයෙන් මිලට ගැනීමට කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට සිදුව ඇතැයි ද ඔහු කීය.

ටයිල් තොගයක් ඇණවුම් කර මාස හයක් පමණ පොරොත්තු ලේඛනයේ සිටීමට අකැමැති සාමාන්‍ය ජනයා රුපියල් 460ක් පමණ වන ටයිල් කැටයක් රුපියල් 1,500ක් වැනි කළු කඩ මිල ගණන්වලට අදාළ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ගන්නා තත්ත්වයට අසරණ වී ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙසේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ පවතින දැවැන්ත කඩාවැටීම හමුවේ සාමාන්‍ය ජනතාවට අමතරව කර්මාන්තකරුවන් මෙන්ම ඉන්ජිනේරුවන්, ගෘහනිර්මාණ ශිල්පීන්, ප්‍රමාණ සමීක්ෂකයන්, පුහුණු කම්කරුවන් හා ඉන්ජිනේරු පීඨවල සරසවි සිසුන් ඇතුළුව ලක්ෂ ගණනක පිරිසක් ආර්ථික මෙන්ම වෘත්තීයමය වශයෙන් ද අසරණ වී ඇතැයි ඉන්ජිනේරු ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක් ‘මව්බිම’ට පැවසීය.

එහෙත් මෙකී අර්බුදය ගැන රජයේ බලධාරීන්ට තබා දේශපාලන කණ්ඩායම්වලටවත් නිසි තක්සේරුවක් හෝ අධ්‍යයනයක් තවම නැතැයි එකී ප්‍රවීණ ඉන්ජිනේරුවා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36