මහවැලි ගඟෙන් මතු වුණ අභිරහස් කාන්තා මළ සිරුර

ගම්පොළ ඉල්වතුර ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබි මියගිය කාන්තාවගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, මියගිය කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවය.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 50ක් – 55ක් පමණ වයසැති කාන්තාවක් බව පොලීසිය පවසයි.

එම කාන්තාවගේ බවට සැකකෙරෙන අත්බෑගයක් ද ගඟ අසල වැටී තිබී ඇති අතර, එහි තිබී රුපියල් 15,000කට ආසන්න මුදලක් හා ඖෂධ කිහිපයක් ද සොයාගෙන තිබේ.

එම ස්ථානයට පැමිණි ගම්පොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, අවට පොලිස් ස්ථානවලට එම කාන්තාවගේ විස්තර පිළිබඳ පණිවුඩ යවා ඇති අතර, වැඩිදුර විමර්ශන සිදුකරන බවය.

මෘත ශරීරය ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරේ.

මේ අතර  කුරුවිට පොලීසියට ලද තොරතුරක් මත කුරුවිට කුරුගගේ තිබි පිරිමි පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු වයස අවුරුදු 70ක පමණ වන පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40