AFC Banner
Empty Ad
Empty Ad

විගණනයෙන් බේරෙන්න කෝටි 02ක් විසික් කළ හිටපු ගෑස් ලොක්කා

ලිට්‍රෝ සමාගමේ කටයුතු රජයේ විගණකාධිපතිවරයාගේ විගණනයට ලක් නොකිරීමට අදාළව නීතිමය පියවර ගැනීම සඳහා ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපතිවරයකු රුපියල් දෙකෝටි දසලක්ෂයක මුදලක් නීති උපදේශක සමාගමකට වැය කර ඇති බවට කරුණු අනාවරණය වනවා.

මෙම කරුණු හෙළි වී ඇත්තේ රජයේ විගණනයකදී යැයි ඊයේ (25) බත්තරමුල්ලේ වෝටස්එජ් හෝටලයේ පැවැති ශී‍්‍ර ලංකා විගණන සේවයේ 63 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී.

ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපතිවරයා ඒ කාලයේදී මාසයකට රුපියල් ලක්ෂ විස්සක වැටුප් හා දීමනා ලබාගෙන ඇතැයි ද පසුව ඔහුව අස්කර දමා ඇතැයි ද විගණන සේවයේ උසස් නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිංහල හා දෙමළ පරිවර්තනයේ ඇති වචනයක් අල්ලාගෙන ලිට්‍රෝ සමාගම රජයේ විගණනයට ලක්කළ නොහැකි බව කියමින් ඊට නෛතික බලතල ලබාගැනීම සඳහා මෙලෙස රුපියල් 21,000,000 ක මුදලක් නීති උපදේශක සමාගමකට ලබාදී ඇත.

කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් ද මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?