විගණනයෙන් බේරෙන්න කෝටි 02ක් විසික් කළ හිටපු ගෑස් ලොක්කා

ලිට්‍රෝ සමාගමේ කටයුතු රජයේ විගණකාධිපතිවරයාගේ විගණනයට ලක් නොකිරීමට අදාළව නීතිමය පියවර ගැනීම සඳහා ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපතිවරයකු රුපියල් දෙකෝටි දසලක්ෂයක මුදලක් නීති උපදේශක සමාගමකට වැය කර ඇති බවට කරුණු අනාවරණය වනවා.

මෙම කරුණු හෙළි වී ඇත්තේ රජයේ විගණනයකදී යැයි ඊයේ (25) බත්තරමුල්ලේ වෝටස්එජ් හෝටලයේ පැවැති ශී‍්‍ර ලංකා විගණන සේවයේ 63 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී.

ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපතිවරයා ඒ කාලයේදී මාසයකට රුපියල් ලක්ෂ විස්සක වැටුප් හා දීමනා ලබාගෙන ඇතැයි ද පසුව ඔහුව අස්කර දමා ඇතැයි ද විගණන සේවයේ උසස් නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිංහල හා දෙමළ පරිවර්තනයේ ඇති වචනයක් අල්ලාගෙන ලිට්‍රෝ සමාගම රජයේ විගණනයට ලක්කළ නොහැකි බව කියමින් ඊට නෛතික බලතල ලබාගැනීම සඳහා මෙලෙස රුපියල් 21,000,000 ක මුදලක් නීති උපදේශක සමාගමකට ලබාදී ඇත.

කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් ද මෙම අවස්ථාවට එක්ව සිට ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40