දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාව

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර ආයතනය විසින් සම්පාදිත නවතම දූෂණ සංජානන දර්ශකය අද (25) එළිදක්වා ඇත.

2020 වසරේදී එම දර්ශකයේ 94 වන ස්ථානය ලැබූ ශ්‍රී ලංකාව 2021 වසරේ 102 වන ස්ථානය දක්වා පසුබැස ඇත.එම ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ 2021 වසරේදී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති Cඵෛ අගය 37ක් වන බවය.

මෙහි අගය 0ක් නම් බෙහෙවින් දූෂිත රටක් ලෙස නම් කෙරෙන අතර එහි අගය 100ට ආසන්න වනවිට ඉතා පිරිසිදු රටවල් ලෙස නම් කරමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලබයි.

එහි අගය 88ක් ලබාගනිමින් ඩෙන්මාර්කය, පින්ලන්තය සහ නවසීලන්තය දර්ශකයෙහි ඉහළින් සිටින රටවල් වන අතර අගය 13ක් වන සෝමාලියාව සහ සිරියාව මෙන්ම අගය 11ක් ලබාගනිමින් දකුණු සුඩානය එහි පහළ ස්ථානවල සිටියි.

ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම්, බුද්ධි මණ්ඩල සහ වෙනත් පාර්ශ්ව ඇතුළුව බාහිර මූලාශ්‍ර 13කින් ලබා ගත් දත්ත අනුසාරයෙන් Cඵෛ ගණනය කිරීම් සිදු කරනු ලැබේ.මීට අමතරව විශේෂඥ අදහස් සහ ව්‍යාපාර ප්‍රජාවගෙන් ලබාගත් සමීක්ෂණ දත්ත ද මෙම ගණනය කිරීම්වලට යොදා ගෙන ඇත.

අල්ලස, රාජ්‍ය මුදල් අවභාවිතය, දූෂණ ක්‍රියා උදෙසා ඵලදායි ලෙස නඩු පැවරීම, ප්‍රමාණවත් නෛතික රාමු, තොරතුරුවලට ප්‍රවේශය සහ අකටයුතු නාදකයන්, මාධ්‍යවේදීන් සහ විමර්ශකයන් සඳහා වන නෛතික ආරක්ෂාව යන ක්‍රියාකාරකම් දූෂණ සංජානන දර්ශකය සම්පාදනයේ දී පදනම් වී ඇත.

Cඵෛ දර්ශකයේ ඇති රටවල් 86%ක් පමණ පසුගිය වසර 10ක කාලය තුළ දූෂණය පිටු දැකීමේ දී කිසිදු ප්‍රගතියක් ලබා නොමැත. ශ්‍රී ලංකාව ද මෙම ගණයට අයත් වන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20