ලෝකයේ ඉන්න මිල අධිකම සුනඛයන් දස දෙනා

සුනඛයන් කිව්වම වීදි සුනඛයන්ගේ ඉදලා ඉහල වංශවත් කුළවත් ප්‍රබේධ දක්වා විහිදි පැතිරී යනවා.
ලංකාවෙත් සමහර ප්‍රභූවරුන් ලඟ සුරතලයට මෙවන් සුනඛයන් ඉන්නවා අපි විවිද මාධ්‍යන් ඔස්සේ දැක තිබෙනවා.අද අපි මේ සටහනෙන් කතා කරන්න උත්සාහ කරන්නේ ලෝකයේ ඉන්න මිල අධිකම සුනඛයන් ගැන.

10. Afghan Hound – $7,000

afghan hound with flowing hair
Afghan Hound

මෙම සුන්දර ලොම් වලින් වැසුනු ප්‍රබේදය හමු වෙන්නේ ඇෆ්ගන්ස්ථානයෙන්.ඔවුන් උස් කඳු මුදුන් ආශ්‍රිතවයි මුලින්ම බිහි වෙලා පැතිරීම පටන් අරන් තියෙන්නේ.ඒ නිසාම තමයි මේ දිගු වරලසක් වගේ ලොම් තියෙන්නෙ.
මේ වර්ගයේ සුනඛයෙක් ආසන්නව ඇමරිකානු ඩොලර් මිලියන 7,000ක් පමන වෙනවා.ඒ කියන්නේ රුපියල් නම් 1412450.90 වගේ සුළු මුදලක්.

9. Pharaoh Hound – $7,500

pharaoh hounds together
Pharaoh Hound

මොවුන් මෝල්ටාව ආශ්‍රිත රටවල හාවුන් දඩයම සදහා අභිජනනය කල ප්‍රබේධයක්.මෙම නමේ තේරුමත් “හාවන් දඩයම” කියන්න යොදා ගන්නවා.කොහොම නමුත් මේ වර්ගයේ කෙනෙක් නඩත්තුවට පමනක් මාසයකට ඩොලර් 1500කට අධික වියදම් යන බව තමයි කියන්නේ.

8. Dogo Argentino – $8,000

dogo argentino laying down
Dogo Argentino

දකුණු ඇමරිකාවේ දී දඩයමට සහ සටන් කිරීම මූලික කරගෙන කරන ලද අභිජනනයක ප්‍රථිපලයක් ලෙස තමයි මොවුන් බිහි වෙන්නේ.ඉතා ශක්තිමත් විශේෂයක්.නමුත් මේ වන විට යුරෝපයේ ඇතැම් රටවල් මොවුන් ඇති දැඩි කිරීම තහනම් කර තිබෙනවා මොවුන්ගේ හැසිරීම දරුණු වැඩි නිසා

7. Canadian Eskimo Dog – $8,750

canadian eskimo dog in spring
Canadian Eskimo Dog

නමින්ම තේරෙනවා නේ කොහෙද මෙයාලාගේ උපන් බිම කියන එක.මේ වර්ගයත් ඉතාම ශක්තිමත් සහ ආක්‍රමනශීලි ප්‍රබේදයක්.
ඒ වගේම අනිත් කාරනාව මොවුන් ඉතාම දුර්ලභ විශේෂයක්.ලෝකයටම මේ වර්ගයෙන් මේ වෙද්දි ඉන්නේ 300කට ආසන්න ප්‍රමානයක්.

6. Rottweiler – $9,000

6th most expensive dog breed: Rottweiler
Rottweiler

ලංකාවෙත් ඉතාම ජනප්‍රිය ප්‍රබේධයක්.නමුත් නියමිත ආකාරයට වංශවත් කුළවත් සතෙක් ඔබ මිලදී ගන්නවා නම් මේ වගේ මුදලක් ඔබට යට කරන්න වෙනවා.ලංකාවේ එහෙම ගන්න තියන් තැනුත් ගොඩක් අඩුයි.

5. Azawakh – $9,500

5th most expensive dog breed: Azawakh
Azawakh

මොවුන්ගේ නිජබිම වෙන්නේ දකුණු අපිකාව.මූලිකවම දඩයම සදහා බිහි කලත් පසුව සුරතලයටත් ඇතැමුන් මොවුන් ඇති කරන්නට පටන් ගත්තා.

4. Tibetan Mastiff – $10,000

Tibetan Mastiff Dog Breed Information
Tibetan Mastiff

මේ වර්ගය නම් ශ්‍රී ලංකාවේ සිටිනවා ද යන්න නම් සැක සහිතයි.මොවුන්ගේ නිජ බිම වන්නේ ටිබේටයයි.මොවුන්ගේ ආරම්භය ගැන බොහෝ මත පවතින අතර මොවුන් කිසිම විටෙක සටනක් අත් හරින්නේ නැති බවත් පැවසෙනවා.හොදින් වැඩුනු සත්වයෙක් මිනිසෙකුට වඩා ප්‍රමාණයෙන් සහ ශක්තියෙන් උසස් බව කිව යුතුමය.

3. Chow Chow – $11,000

3rd most expensive dog breed: Chow Chow
Chow Chow

ලෝකයේ සිටින පැරණිම සහ දුර්ලභම විශේශයක් බව පැවසෙනවා.තරමක් කුඩා බැවින් බොහෝ තරුණියන් ගේ ආදරය මේ වර්ගයට හිමි වී තිබෙනවා.

2. Löwchen – $12,000

2nd most expensive dog breed: Löwchen
Löwchen

“little lion dog” යන නමින් හදුන්වන මොවුන් මෙම ලැයිස්තුවේ දෙවනි තැන රැදී සිටිනවා.මෙයට මූලිකම හේතුව මෙම වර්ගයෙන් ලෝකයටම ඉතිරිව ඇත්තේ සුරතලුන් 65ක් පමනක් වීමය.

1. Samoyed – $14,000

The most expensive dog breed: Samoyed
Samoyed

ලෝකයේ මිල අධිකම වර්ගය ලෙස සැලකෙන මෙම ප්‍රබේධයේ ජන්ම භූමිය සර්බියාවයි.මෙම මුදලට අමතරව ආසන්නව තවත් ඩොලර් 5000කට පමන වියදමක් මෙම සුනඛයෙකුගේ වියදමට වැය වන බවත් පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
110
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?