AFC Banner
Empty Ad
Empty Ad

කැබිනට් මණ්ඩලයේදී විසික් වුනු ඇමතිගේ ආන්දෝලනාත්මක යෝජනාව

ලංකා වානේ සංස්ථාව පිහිටි කඩුවෙල ඉඩම ව්‍යාපාරිකයෙකුට ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක යෝජනාවට ඊයේ දිනයේද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී නොමැති බව වාර්තා වනවා.

අක්කර 185කින් යුත් මෙම ඉඩම අදාළ ව්‍යාපාරිකයාට ඩොලර් මිලියන 15කට ලබාදීමට මීට පෙර එකගවී ඇති නමුත් පසුව මුදල් අය කිරීමකින් තොරව එය ලබාදීමටයි සූදානම් වී ඇත්තේ. මීට පෙරද එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඊට විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ඉඩමේ වටිනාකම පිළිබද ඇස්තමේන්තු වාර්තාව ඊයේ දිනයේ පැවති කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙසයි අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේනගෙන් ඉල්ලා තිබුණ. ඒ අනුව ඉඩමේ ඔප්පු, ගිවිසුම් හා තක්සේරු වාර්තා පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධ්‍යයනය කිරීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම ආන්දෝලනාත්මක යෝජනාවට ඊයේ පැවති රැස්වීමේදී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව නැහැ. ඊට එක්වූ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පවසා ඇත්තේ අක්කර 185 ක් පමණ මෙලෙස වෙනත් පාර්ෂවයකට ලබාදීම අනුමත කළ නොහැකි බවයි.

මෙම ඉඩම ව්‍යාපාරිකයෙකුට ලබාදිම සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් වූ යෝජනාවට දිනේෂ් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?