කැබිනට් මණ්ඩලයේදී විසික් වුනු ඇමතිගේ ආන්දෝලනාත්මක යෝජනාව

ලංකා වානේ සංස්ථාව පිහිටි කඩුවෙල ඉඩම ව්‍යාපාරිකයෙකුට ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක යෝජනාවට ඊයේ දිනයේද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී නොමැති බව වාර්තා වනවා.

අක්කර 185කින් යුත් මෙම ඉඩම අදාළ ව්‍යාපාරිකයාට ඩොලර් මිලියන 15කට ලබාදීමට මීට පෙර එකගවී ඇති නමුත් පසුව මුදල් අය කිරීමකින් තොරව එය ලබාදීමටයි සූදානම් වී ඇත්තේ. මීට පෙරද එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඊට විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ඉඩමේ වටිනාකම පිළිබද ඇස්තමේන්තු වාර්තාව ඊයේ දිනයේ පැවති කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙසයි අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේනගෙන් ඉල්ලා තිබුණ. ඒ අනුව ඉඩමේ ඔප්පු, ගිවිසුම් හා තක්සේරු වාර්තා පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධ්‍යයනය කිරීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම ආන්දෝලනාත්මක යෝජනාවට ඊයේ පැවති රැස්වීමේදී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව නැහැ. ඊට එක්වූ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පවසා ඇත්තේ අක්කර 185 ක් පමණ මෙලෙස වෙනත් පාර්ෂවයකට ලබාදීම අනුමත කළ නොහැකි බවයි.

මෙම ඉඩම ව්‍යාපාරිකයෙකුට ලබාදිම සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් වූ යෝජනාවට දිනේෂ් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..ගල් වැටි දාලා සාර්ථක වුණ තැනක් පෙන්වන්න මට..වැඩක් නෑනේ
04:46
Video thumbnail
සිංහල දෙමළ මුස්ලිම් කියලා පරිපාලන ව්‍යුහ ඕනි නෑ..රණ්ඩු වුණත් කමක් නෑ අපි එකඟතාවයෙන් කරමු
05:44
Video thumbnail
"අපිට ඕනි වෙන්දේසිකාර නායකයෝ නෙවෙයි"..හිමිනමක් පාලකයන් ගැන සැරටම කිව්ව කතාව
06:06
Video thumbnail
අපිට බනින්න, අපි ගැන හොයන්න..ආණ්ඩුවට වෙන ඉරණම ආණ්ඩුවටත් හිතාගන්න බැරිවෙයි
02:08
Video thumbnail
ආපු සැලැස්මෙන් වර්තමාන ආණ්ඩුව පිට පැන්නා..මේ සැරේ රට වැටුණොත් ගොඩ ගන්න එක ලේසි නෑ
07:46
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ඓතිහාසික ජනරජ දින සැමරුම දේශපාලන ප්‍රබලයින් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවුණ හැටි
03:13
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?"ඔයා මෙතන පොර වෙන්න එපා"
02:41
Video thumbnail
අටමස්ථානාධිපතිට ඇප ලැබීම ගැන නීතිඥයෙක්ගෙන් අමුතු ප්‍රකාශයක්..ආගමට තියෙන විරෝදය මත පෙනී ඉන්න එපා
05:24
Video thumbnail
සුජීව ගල් අඟුරු කොමිසමට - පැලවත්ත කාඩර් එකෙන්නේ ඔක්කොම මෙහෙයවන්නේ..මේකත් ෂුවර් නෑ
06:15