පුෂ්පිකාට පුරපතිනිය දුන් පුහුණුවේ හඬපටය මෙන්න

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේ කිරුළ සම්බන්ධයෙන් මතු කරගත් ආරවුලක් හේතුවෙන්, කුප්‍රකට වූ පුෂ්පිකා ද සිල්වා මීට දින ගණනාවකට පෙර අමරිකාවේ ලස් වේගස් හිදී පැවති ලෝක විවාහ රූ රැජිණ තරගාවලියට එක් වීම සඳහා පිටත්ව ගියා.

එහි, අවසන් තරගයේදී අවසාන සුරූපිනියන් හය දෙනා අතරට පිවිසෙන්නට ඇයට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත්, මෙම තරගය අවසානයේ 2021 ලෝක විවාහක රූ රැජිණ ලෙස, කිරුළු පැළැන්ඳේ අමරිකානු විවාහක රූ රැජිණයි.
එහි, අනුශූරතාව ජෝර්දාන සුරූපිනියට හිමි වුණා.

මේ සංසිද්ධියෙන් පසුව ලෝක විවාහක රූ රැජිණ පිළිබඳව මූලික කතාබහ අවසන් කෙරුණද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි ගිය පුෂ්පිකා ද සිල්වා තවත් කතා මවන්නට පටන් ගත්තා.

ඒ, ඇයගේ මුහුණු පොත හරහා සිංහල භාෂාවෙන් තබා තිබූ සටහනක් හේතුවෙන්.

එහිදී පුෂ්පිකා ද සිල්වා පවසා තිබුණේ, මෙම තරගාවලියේ ඇය “සිව්වැනි ස්ථානයට” පත් වූ බවයි.

ඒ සම්බන්ධයෙන් සිය ස්තුතිය ද පුද කරමින් , රටට සහ ඇය එතැනට කැඳවාගෙන ගිය කණ්ඩායමට තුති පුදා තිබුණා.

කෙසේ වෙතත්, එම සටහනේම පහතින් එයට ප්‍රතිචාර දක්වා තිබූ ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ කමිටු මණ්ඩල සමාජීකාවක වන ලිබ්බි … පවසා තිබුණේ, මෙම තරගාවලිය තුළ තෙවන, සිව්වැන හෝ වෙන යම් ස්ථාන නොමැති බවත්, ඇත්තෙ ජයග්‍රාහිකාවක සහ අනුශූරතාව දිනාගත් සුරූපිනියක් බවත් පවසා තිබුණා.

එහිදී ඇය වැඩිදුරටත් එම සටහන හරහා පුෂ්පිකාගෙන් ඉල්ලා තිබුණේ වහාම එම සටහන නිවැරදි කර එයට ප්‍රතිචාර දක්වන ලෙසටයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා එතරම් දැඩි අවධානයක් යොමු නොකර තිබූ පසුබිමක් මත ඇය නැවතත් පසු සටහනක් තබමින්, පෙන්වා දී තිබුණේ, “ඔබ සැබැවින්ම විවාහක නම්, ඉහත සටහනේ ඔබගේ සැමියාට ස්තුති කිරීමට අමතක කර තිබුණේ ඇයි?” ද යනුවෙන්.

මේ සමඟම පුෂ්පිකා ද සිල්වා ගේ මෙම ජාත්‍යන්තර තරගාවලි සහභාගීත්වයට වඩා මේ මුහුණූ පොතේ සටහන කෙරෙහි සමාජ මාධ්‍යයේ දැඩි අවධානයක් යොමු වුණා.

මේ සටහන සහ එයට ලැබුණු ප්‍රතිචාර බුකිය පුරා තටු ලබමින් පියඹා ගියා.

මේ අතරවාරයේ පුෂ්පිකා ද සිල්වාගේ එම සටහනට ඇය සමඟ අමරිකාවේ ලස්වේගස් වෙත ගිය, හිටපු ලෝක විවාහක රූ රැජිණක සහ කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක උපදෙස් ලබාදෙන හඬපටයක්, සමාජ මාධ්‍යයට මුදා හැරෙනවා.

එහිදී , පුෂ්පිකා ද සිල්වා සිය මුහුණු පොතේ තැබූ සටහන පෙළ ගැස්විය යුතු ආකාරය සම්බන්ධයෙන් කොළඹ පුරපතිනිය ලබා දෙන උපදෙස්, හොඳින් ශ්‍රවණය කළ හැකියි.

සමාජ මාධ්‍යයට සටහන නිකුත් කර හත්පොළේ ගාගත්, පුෂ්පිකා එතැනට ඇද දැමුවේ කොළඹ පුරපතිනියද?

අපට ඇති ගැටලුව එයයි.

https://youtu.be/js3I4n4-oyU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42