රෑ 12ට ශලනි අපේ ගෙදර ආවා මං හිතුවේවත් නෑ

දවස්වල නරඹන්නන් අතර ජනප්‍රිය චරිතයක්. ඒ ජනප්‍රිය බව නිසාම දෝ කොහෙද මේ දවස්වල ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ ඔහුත් එක්ක රංගනයේ යෙදන ශලනිත් එක්ක සචින්ගේ නම ඈඳිලා. ඒ ගැන අහන්න අපි ඔහුට කතා කළා.

ඔයාට නිර්වාන් ගැන තියෙන්නේ මොන වගේ හැඟීමක්ද?

නිර්වාන් ගැන මට ගොඩක් දුකයි. එයාගේ හිතේ අනෙක් අය ගැන ලොකු ආදරයක් තියෙනවා. අම්මාට, තාත්තාට, මල්ලිට, දිගැසිට. ඒ වගේම දැන් දැන් තේරෙන විදියට ස්නේහටත් පොඩි ආදරයක් එයාගේ හිතේ නැතිවම නොවෙයි. කොයි තරම් කරදර ආවත් වගකීම් ඉෂ්ට කරන හොඳ කෙනෙක් නිර්වාන් කියන්නේ.

ස්නේහා නිර්වාන්ට ආදරය කරනවා?

මම හිතන්නේ දැන් දැන් එයා ගොඩක් ආදරය කරනවා. ස්නේහා මේ දේවල් කරන්නේ අපේ ආදරය නිසා කියලා කියනවා.

සැබෑ ජීවිතයේදි ස්නේහා නිර්වාන්ට ආදරය කරනවා කියලා කිව්වොත්?

මට තේරෙන්නේ නැහැ.

ඒ කියන්නේ ශලනි ඔබට ඇත්තටම ආදරය කළොත් ඔබ මොකද කරන්නේ?

නැහැ. මම හිතන්නේ නැහැ එයා මට ආදරය කරයි කියලා. මේ ක්ෂේත්‍රයේදි හමු වුණු අපි හොඳ යහළුවෝ. එයා මම විශ්වාස කරන ගොඩක් හොඳ කෙනෙක්. හැම දෙයම කියන්න පුළුවන්; නිහතමානීකම ගොඩක්ම තියෙන‍ කෙනෙක්. ඈ මගේ චරිතයට ගොඩක් උදව් කරනවා. අපි දෙන්නා අතර එහෙම දෙයක් ඇති වෙන එකක් නැහැ.

ඒ වුණාට ගොඩක් අය කියනවානේ ශලනියි, සචිනුයි පෙම්වතුන් කියලා?

ප්‍රේක්ෂක ජනතාවට ඒ ගැන වැරැද්දක් කියන්න බැහැ. ඔවුන් ස්නේහාව හා නිර්වාන්ව කැමරාවේ පිටතදිත් ඒ විදියටම බලාපොරොත්තු වෙනවා. එහෙම වුණාම අපි යහළුකමට ෆොටෝ එකක් දැම්මට පස්සේ ඒ අය එක එක විදියට හිතනවා. මේ දෙන්නා නයිස් කපල්; ගැළපෙනවා කියලා. එහෙම හිතන එක එයාලගේ වැරැද්දක් නොවෙයි.

ඒ අය කියන්නේ බොරුවක්ද?

අපි දෙන්නා අතර එහෙම දෙයක් නැහැ. ඒත් අපි දෙන්නා ගොඩක් දේවල් ශෙයාර් කර ගන්නවා. අපි ගොඩක් ‍හොඳ දේවල් කතා කරනවා. ඉදිරියට සිදුවන දේවල්. ඒ වගේම අපි යාළුවෝ නිසා ගොඩක් එළියට යනවා. බලාගෙන ගියාම කතා හදන එකේ වරදක් නැහැ.

ඒ වුණාට ක්ෂේත්‍රයේම අය කියනවානේ ඔය දෙන්නා පෙම්වතුන් බව?

ඒක ගැන නම් මම කොහොමත් දන්නේ නැහැ. මම ඔය වගේ දේවල් ගැන ලොකුවට හොයන කෙනෙක් නොවෙයි. සාමාන්‍යයෙන් මම වැඩේ කරලා ගෙදර යන කෙනෙක්. මම එච්චර පිට් වුණේ ශලනිට වගේම ශලනිත් ගොඩක් කාලයකට පස්සෙයි මට ෆිට් වුණේ. ඒ හින්දා වෙන්න ඇති කතාවක් හදන්නේ.

යාළුකම ආදරයකට පෙරළෙන්න බැරිද?

මම හිතන්නේ නැහැ. අපි දෙන්නාගේ තියෙන්නේ වෙනම සම්බන්ධයක්. අපි දෙන්නා යහළුවෝ. මම හිතන්නේ නැහැ එහෙම දෙයක් වේවි කියලා. මම හිතලත් නැහැ එහෙම දෙයක්.

මේ වෙනකොට සචින්ට පෙම්වතියක් ඉන්නවද?

නැහැ.

එහෙම කෙනෙක් ඉඳලත් නැද්ද?

ඉඳලා තියෙනවා. ඒ සම්බන්ධය නැතිවෙලා දැනට අවරුදු තුනක් විතර වෙනවා.

ඒක නැති වුණේ රඟපාන්න ආව නිසාද?

ඇත්තම කතාව ඒ සම්බන්ධය නැති වුණේ මට සල්ලි නැති නිසා. මට වුවමනා සල්ලි හම්බ කරලා සමාජයේ හොඳ තැනක් ගන්න. හැබැයි මම සල්ලි හම්බ කරන්න ගත්තේ හරි විදියට. ඒ වගේම මම කාටවත් මුට්ටියක් අල්ලලා, කා වෙනුවෙන්වත් වැඩ කරලා, කාවවත් කපලා නොවෙයි මෙතනට ආවේ. මගේ මහන්සියෙන්. ඉදිරියේදි අම්මා වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න ඕන. එයත් එක්කම දිගු කාලයක් ඉන්න ඕන. ඒ වගකීම් එක්ක ආදරය පස්සට දාන්න වෙලා තියෙන්නේ.

ඒ කියන්නේ ශලනිගේ කතාව බොරුවක්?

ඒක බොරුවක්.

ඒක එහෙනම් ඉදිරියේදි ඇත්තක් වෙන්නේ නැතිවෙයිද?

නැතිවෙයි.

බාගයට උත්තර දෙන්නේ ඇයි?

අනාගතයටත් එක්කයි උත්තරයක් දුන්නේ. එහෙම දෙයක් වෙන එකක් නැහැ.

ශලනි හොඳ යහළුවකු නම් ඔබ ඇගේ අගය කරන ලක්ෂණ මොනවද?

ඈ නිහතමානියි. මම ආධුනික කෙනක් කියලා බලන්නේ නැතිව මට ගොඩක් උදව් කළා. අනෙක් අයටත් උදව් කරන කෙනෙක්. එයාගේ ලොකුකමක් නැහැ. හැම වෙලාවෙම සිනාවෙලා සතුටින් ඉන්න බලන්නේ. උස් පහත් නැතිව එයා මිනිස්සු ආශ්‍රය කරනවා.

සචින්ට පසුගිය උපන්දිනේදි පුදුම කිරීමක් ලැබුණා නේද?

ශලනිගෙන්ද?

ඔව්?

ඔව්. එදා අපි දෙන්නා රෑ 7.30 වෙනතුරු ෂූට් එකක හිටියේ. මම ඒ වෙලාවේ තමයි යන්න ආවේ. එයා හිටියේ හොඳටම නිදිමතේ. මම කිව්වා එහෙනම් මමත් යනවා. ඔයත් යන්න කියලා. රෑ දොළහට අපේ ගෙදරට වෙන දවස්වලත් මාව පුදුම කරවන්න කට්ටිය එනවා. ඒත් එයා එයි කියලා මම බලාපොරොත්තු වුණේ නැහැ. එයා නිදිමතේනේ හිටියේ. එයා මගේ කේක් එකත් සරසලා තිබුණේ ක්‍රිකට්වලට අදාළ විදියට. ඇත්තටම මම සප්‍රයිස් වුණා අටට ගිය ළමයා දොළහට විතර ආවට පස්සේ.

ශලනි ඔයාට ආදරය ප්‍රකාශ කළොත් ඔයා භාර ගන්නවද?

මට ටිකක් වෙලා හිනා යයි.

ඇයි ඒ?

මම එහෙම දෙයක් එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට ඒක ගොඩක් වෙලාවට පැහැදිලි කරන්න බැරි වෙයි. එයාට ඒක කොහොමත් කරන්න බැරි වෙයි. කළොත් මට ඒකට හිනා යයි.

ඒ අදහස එයා පිළිගන්නවද?

මම හිතන්නේ නැහැ එයා ඒ වගේ දෙයක් කරයි කියලා. අපි දෙන්නා අතරේ එහෙම දෙයක් නැහැ. භාර ගන්න දෙයක් කියන්න එපැයි. අනෙක මම එයාව රිජෙක්ට් කරන්න තරම් කෙනෙක් නොවෙයි. එයත් එහෙම ප්‍රොපෝස් කරන්න තරම් මම කෙනෙකුත් නොවෙයි. අපි දෙන්නා යාළුවෝ නිසා. එයා එහෙම කරයි කියලා මම හිතන්නේ නැහැ.

තිලානි ශානිකා විතානාච්චි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42