ලොව පුරා වෙසෙන හින්දු බැතුමතුන් සමරන තෛපොංගල් උත්සවය අදට යෙදී තිබෙනවා.
හින්දු ජනයා සමරන සාම්ප්‍රදායික අස්වනු නෙලීම සංකේතවත් කරන උත්සවය ලෙස තෛපොංගල් උත්සවය හැදින්වීමට හැකියි.
මීට සමගාමීව ජනාධිපති / අගමැති සහ විපක්ෂනායකවරයා ලොව පුරා වෙසෙන සමස්ථ හින්දු බැතුමතුන්ට සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.
හරිත කෘෂිකර්මාන්තයක් සදහා වන ජාතික ප්‍රතිපත්තිය සාර්ථක වනු දැකීම බහුතර ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්ෂාව බැවින් ඒ සදහා තෛපොංගල් සමය දැඩි උද්යෝගයක් සපයන බව තරයේ විශ්වාස කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ.
මේ වසරේදීත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සියලු දෙනා ආරක්ෂාවන පරිදි තෛපොංගල් උත්සවය සැමරීමට සියලු දෙනා අවස්ථාව සලසා ගතයුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.
සෞභාග්‍යමත් දේශයක් ලෙස ලොවට පියනැගීම සදහා වූ උදාර අරමුණ සාක්ෂාත් කර ගැනීමේ දී තෛපොංගල් දින අර්ථයන් මහගු පිටුබලයක් වනු ඇති බව සිය විශ්වාසය බවයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ. එම නිසා මෙවැනි උතුම් දිනයක ඇති සමාජ අර්ථය ජීවිතයට ළගා කර ගනිමින් එක මවකගෙ දරුවන් මෙන් අප සියලූ දෙනා පෙරට ආ යුතු බවයි අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
තෛපොංගල් උත්සවය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබ පැතුම් එක්කරමින් කියා සිටියේ සොබාදහමට වඩාත් සමීප වීමේ අවශ්‍යතාව දැඩිව හැගෙමින් ඇති කාලවකවානුවක සොබාදහම හා බැදුණු තෛපොංගල් වැනි සංස්කෘතික උත්සව අර්ථවාන්විත වටිනාකම සුලුපටු නොවන බවයි.














