කොණ්ඩගල කන්දෙන් පැන්න රුසියානුවාගේ පැරෂුටය වැඩ නොකරයි

දෙල්තොට, ලූල්කඳුර තේ වත්තේ කොණ්ඩගල කදු මුදුන මතින් පැරෂුට් එකකින් පැන්න රුසියන් ජාතිකයකු එම පැරෂුටය ගුවනේදී අක්‍රීය වීම නිසා බිම වැටීමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය මහ රෝහල වෙත ඇතුල් කළ බව පොලිසිය සඳහන් කර සිටී.

බොහෝ විදේශිකයන් මෙම කදු මුදුනෙන් පැරෂුටයෙන් ගමන් කිරීම ජනප්‍රිය අංගයක් වි ඇති අතර ඊයේ සවස තුනට පමණ මෙම රුසියන් ජාතිකයා කොණ්ඩගල මතින් පැරෂුටයෙන් පැන ඇති අතර එය ඉහළ අහසේදී අක්‍රීය වී එක්වරම කඩා වැටී ඇත.

එසේ වැටුනු පැරෂුටය ගසක අත්තක රැදී එම අත්තද සමග නැවත කඩා වැටී ඇත.

සිද්ධීය දුටු ප්‍රදේශවාසින් මේ පිළිබඳව ගලහ පොලීසියේ ඇති 1990 ගිලන් රථය වෙත දන්වා වහාම එම රථයෙන් පේරාදෙණිය රෝහල වෙත ගෙන ගොස් ඇත.

මෙම අනතුරෙන් ඔහුගේ කොන්දට හා පාද වලට බාරපතල තුවාල සිදුවී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?