පුෂ්පිකා ද සිල්වා කියන්නේ කවුද කියලා නොදන්න කෙනෙක් නැහැ. ඇය මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගන්නේ 2011 වර්ෂයේ, එතැන් පටන් ඇය විටින් විට විවිධ ජාත්‍යන්තර නිරූපන තරග සඳහා සම්බන්ධ වෙනවා.
2011 වර්ෂයේ සංචාරක රූ රැජින තරගයටත් ඇය සම්බන්ධ වෙනවා. ඒ වගේම 2013 වර්ෂයේ ලොව හොඳම නිරූපන ශිල්පිනිය බවට පත් වෙන පුෂ්පිකා ජාත්‍යන්තරයම කතාබහට ලක් වෙන චරිතයක් බට පත් වෙන්නේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින වීමත් එක්කයි.
කාගේත් කතාබහට ලක් වූ ඇය පසුගිය දා මව් රටින් පිටත් වුනේ 35 වැනි ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සම්බන්ධ වීමටයි, ඇමරිකා එක්සත් ජනපදයේ ලබන 15 වැනි දින මහා උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින තරගයට මෙවර රටවල් 58ක් නියෝජනය වෙනවා.
මේ අතර, ලොස් ඇන්ජලීස් හි සංචාරයේ යෙදෙන පුෂ්පිකාගේ අපූරූ ඡායාරූප මේ වන විට ඇය සමාජ මාධ්‍යයට මුදා හරිමින් සිටිනවා.
එක් ඡායාරූපයක් සමඟ ඇය අපූරූ ආදරණීය සටහනක් ද එක් කර තිබුණා.
“ලංකා මාතාව ලොවට ගෙන යාමේ පළමු පියවර තබමින්, මම නික්ම යන්නේ ලංකා මාතාවගේ සහ ඇගේ ජනතාවගේ ආදරය, උණුසුම සහ ආශිර්වාදය ඇතිවයි!”
මෙහිදී ඇයට සුබ පතමින්, ගායන ශිල්පි දුෂ්යන් වීරමන් සහ නෙහාරා පීරිස් ද කමෙන්ටු එක් කර තිබුණා. මේ අතර, ඇය එහිදී තවත් සුරූපිනියක් රැසක් සමඟ ඡායාරූප වලට ද පෙනී සිටියා.
ඇගේ සමාජ මාධ්‍ය ගිණුමෙන් අපට හමුවූ ඡායාරූප කිහිපයක් තමයි මේ.