මුහුණු පොතේ පත්තුවුන බොරු පුවතක් අධිකරණයට ගිය හැටි

තමාගේ ඡායාරූප සහිත අපහාසාත්මක අසත්‍ය ප්‍රවෘත්තියක් මුහුණු පොතේ පළකිරීම නිසා සිදුවූ හානිය වෙනුවෙන් නිදහස් මාධ්‍යවේදියකුගෙන් රුපියල් මිලියන දහයක අලාභයක් ඉල්ලා ගාල්ල වරාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක දෙනගමගේ ප්‍රියාල් අශෝක නන්දසේන ගාල්ල දිසා අධිකරණයේ නඩු පවරා තිබේ.

තම නීතිඥවරිය මගින් පැමිණිලිකරු කියා සිටියේ තමාව වසර තිහක කාලයක් රාජ්‍ය සේවයේ සිටින අතර රාජ්‍ය සේවයට ලැදිව ක්‍රියා කරන සේවකයකු ලෙස සමාජීය වශයෙන් තමා පිළිගැනීමට ලක්වූ බවයි.

එසේ සේවය කරමින් සිටියදී 2020 සැප්තැම්බර් 14 වැනිදා හෝ ඊට ආසන්න දිනක තමා සේවය කරන කාර්යාලයේ පුටු ඇන්දට හේත්තු වී සිටින ඡායාරූප තුනක් විත්තිකරු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම මගින් එය දෙදෙනකු හෝ ඊට වැඩි පිරිසක් දක්වා සන්නිවේදනය කර ප්‍රසිද්ධියට පත්කර ඇති බවද පැමිණිලිකරු කියා සිටියේය.මෙම විත්තිකරුගේ මුහුණුපොත ගිණුම මගින් අසත්‍ය කරුණු පදනම් කරගෙන ද්වේශ සහගතව කරන ලද අපහාසාත්මක ප්‍රකාශය සහ එයට පාදක කරගත් තම ඡායාරූප හේතුවෙන් තමන් සමාජයේ බලවත් අවමානයට ලක්වූ බවත් ඉන් තමන් සහ පවුලේ අය මහත් පීඩාවට පත්ව ඇති බැවින් එයට විත්තිකරු වගකිව යුතු බවත් පැමිණිකරු වැඩිදුරටත් කීවේය.

මේ නඩුව අප්‍රේල් 06 වැනිදා කැඳවීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?