ගුවන් තොටුපොළේ යකා නැටු විදේශිකයා ගැන හෙළිවූ තොරතුරු

අද අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දැඩි කලබලයක් ඇති කළ අනන්‍යතාවක් හෙළිකර ගැනීමට නොහැකිවූ පුද්ගලයා පෝලන්ත ජාතිකයෙකු බව අනාවරණය කරගෙන තිබෙනවා.

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යාමට තැත් කළ මේ පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන විට ඔහු එයින් මිදී පැන දුවන්නට වූයේ ගුවන් තොටුපලේ දැඩි කලබලකාරි තත්ත්වයක් ඇති කරමින්.

එහිදී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා කමාන්ඩෝ භටයින් සහ ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරීන් මෙන්ම කටුනායක පොලිසියේ නිලධාරීන් ද එක්ව මෙහෙයුමක් දියත් කළා.

කෙසේ වෙතත් මහත් පරිශ්‍රමයකින් පසුව අද අලුයම 02.15 ට පමණ මෙම විදේශිකයා ගුවන් තොටුපළ පිටතට යාමේ දොරටුව අසළ දී අත් අඩංගුවට ගැනීමට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ ගුවන් හමුදා කමාන්ඩෝ භටයින් සමත් වුණා.

මොහු අද (10) අලුයම 02.45 ට අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත යෑම සදහා එතිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි – 265 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම සැකකටයුතු විදේශිකයාගේ ෂීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, එය දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා.

එහිදී සිදුකළ විමර්ෂණ කටයුතු වලින් අනතුරුවයි සීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් මෙරටින් ප්‍රංශයේ පැරිස් වෙත යාමට උත්සාහ දැරූ පුද්ගලයා පෝලන්ත ජාතිකයකු බවට තහවුරු කර කර ගෙන ඇත්තේ.

මෙම විදේශිකයාගේ ගෙල ප්‍රදේශයේ 4693 ලෙස සදහන් අංකයක් පච්ච කොටා තිබුනු අතර මොහු විදේශික බන්ධනාගාරයකින් පළා යන පුද්ගලයෙකු, විදේශීය රටකට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු හෝ කිසියම් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයකු විය හැකි බවටත් ගුවන් තොටුපළ ආරක්ෂක අංශ සැක පහළ කරනවා.

අත් අඩංගුවට ගත් මෙම පෝලන්ත ජාතිකයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?