ගුවන් තොටුපොළේ යකා නැටු විදේශිකයා ගැන හෙළිවූ තොරතුරු

අද අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දැඩි කලබලයක් ඇති කළ අනන්‍යතාවක් හෙළිකර ගැනීමට නොහැකිවූ පුද්ගලයා පෝලන්ත ජාතිකයෙකු බව අනාවරණය කරගෙන තිබෙනවා.

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යාමට තැත් කළ මේ පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන විට ඔහු එයින් මිදී පැන දුවන්නට වූයේ ගුවන් තොටුපලේ දැඩි කලබලකාරි තත්ත්වයක් ඇති කරමින්.

එහිදී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා කමාන්ඩෝ භටයින් සහ ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරීන් මෙන්ම කටුනායක පොලිසියේ නිලධාරීන් ද එක්ව මෙහෙයුමක් දියත් කළා.

කෙසේ වෙතත් මහත් පරිශ්‍රමයකින් පසුව අද අලුයම 02.15 ට පමණ මෙම විදේශිකයා ගුවන් තොටුපළ පිටතට යාමේ දොරටුව අසළ දී අත් අඩංගුවට ගැනීමට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ ගුවන් හමුදා කමාන්ඩෝ භටයින් සමත් වුණා.

මොහු අද (10) අලුයම 02.45 ට අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත යෑම සදහා එතිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි – 265 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම සැකකටයුතු විදේශිකයාගේ ෂීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, එය දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා.

එහිදී සිදුකළ විමර්ෂණ කටයුතු වලින් අනතුරුවයි සීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් මෙරටින් ප්‍රංශයේ පැරිස් වෙත යාමට උත්සාහ දැරූ පුද්ගලයා පෝලන්ත ජාතිකයකු බවට තහවුරු කර කර ගෙන ඇත්තේ.

මෙම විදේශිකයාගේ ගෙල ප්‍රදේශයේ 4693 ලෙස සදහන් අංකයක් පච්ච කොටා තිබුනු අතර මොහු විදේශික බන්ධනාගාරයකින් පළා යන පුද්ගලයෙකු, විදේශීය රටකට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු හෝ කිසියම් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයකු විය හැකි බවටත් ගුවන් තොටුපළ ආරක්ෂක අංශ සැක පහළ කරනවා.

අත් අඩංගුවට ගත් මෙම පෝලන්ත ජාතිකයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27