සුපිරි වෙළෙඳසැළකින් භාණ්ඩ සොරාගත් පුද්ගලයා සියදිවි නසාගනී

රාගම පොලිස් වසමේ මහබාගේ මාර්ගයේ සුපිරි වෙළෙඳසැළකට අද (09) උදෑසන 10.30ට පමණ පුද්ගලයෙකු ඇතුළුවී සොරකමක් සිදුකර තිබේ.

පසුව ඔහු එහි රාක්කයක තිබූ, කුඩා දරුවන් සඳහා භාවිත කරන සුවඳ විලවුන් කීපයක් රැගෙන මුදල් නොගෙවා පිටතට පැමිණ ඇත. එහිදී අසල සිටි ත්‍රි⁣රෝද රථ රියදුරෙකු සිද්ධිය දැක ඔහුව අල්ලා ගැනීමට තැත් කිරීමේදී ඔහු අත තිබූ පිහියකින් ත්‍රීරෝද රථ රියදුරුට ඇන පළාගොස් තිබුණි.

පසුව තවත් පිරිසක් අදාළ සැකකරු පසුපස දිවගොස් ඇති අතර එහිදී සැකකරු කිසිවෙකුත් ළඟට නොඑන ලෙසත් එසේ පැමිණියහොත් ගෙල කපාගන්නා බවත් පවසා තිබේ.

ඒත් සමගම සැකකරු විසින් තම අත තිබූ පිහියෙන් සිය ගෙල කපාගෙන ඇත. ඒ අදාළ සුපිරි වෙළෙඳසැළේ සිට මීටර් 500ක් තරම් දුරකදීය. පසුව අසල සිටි පුද්ගලයින් 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා සැකකරුව රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී සැකකරුව පරීක්ෂා කර ඇති වෛද්‍යවරු පවසා ඇත්තේ සැකකරු මියගොස් ඇති බවය. අප වාර්තාකරු සඳහන් කළේ, සැකකරුගේ මෘතදේහය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බවය.

එලෙස මියගොස් ඇත්තේ රෙජි වනසුන්දර නමැති 44 හැවිරිදි උකුවෙලවත්ත, නාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධියෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු රාගම රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. ඔහු දිනුක ලක්ෂාන් පීරිස් නමැති 36 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?