ඉන්දියාවට ගිය අපේ දුම්රිය..

පසුගිය දිනවල මුහුණුපොතේ බොහෝ දෙනෙක් අතර හුවමාරූ උන සේයාරුවක් වුනේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවට නිකුත් වුන දුම් රිය ප්‍රවේශ පත්‍රය.බොහෝ දෙනා උසුළු විසුළු කර තිබුනත ඇතමෙක් නොදන්නා අතීත කතාවක් මේ ටිකට්පත පිටුපස තිබුනා.මේ ලිපිය ඒ පිළිබදව කළ කෙටි විපරමක්.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙන් කරනු ලබන්නේ පෝක් සමුද්‍ර සන්ධිය නම් පටු මුහුදු තීරයෙන්. දෙරට ඉතාම ආසන්නයෙන් පිහිටා තිබුණත්, ලාංකිකයන් වැඩි දෙනෙකුට ඉන්දියාව වෙත යාමට සිදුව තිබෙන්නේ ගුවන් යානයෙන්. නමුත් මීට දශක 4කට පමණ එපිට දී ලාංකිකයන්ට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පහසුවෙන් ගමන් කිරීමට හැකිවුණා. ඒ, ඉන්දියා-කලම්බු එක්ස්ප්‍රස් නමින් හැඳින්වුණු මුහුදු තැපැල් සේවාව ඔස්සේ යි.

19 වන සියවසේ අගභාගය වන විට ලංකාව තුළ විශාල ලෙස තේ වගාව ව්‍යාප්ත වී, බ්‍රිතාන්‍ය ආණ්ඩුවට සැලකිය යුතු තරමේ ආදායමක් ලැබුණා. එනිසා බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් තව තවත් කැලෑ බිම් එළිපෙහෙලි කරමින් තේ වගා බිම් ආරම්භ කළා. නමුත් ඒවායේ සේවය කිරීමට කම්කරුවන් සොයාගැනීම ලෙහෙසි පහසු වුණේ නැහැ
ඒ ලාංකිකයින් වැඩිදෙනා සුද්දන්ගේ තේ වතුවල වැඩ කිරීමට දැක්වූ දැඩි අකමැත්ත නිසා යි.එම නිසා බ්‍රිතාන්‍යයන්ට දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වා ගැනීමට සිදුවුණා. බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන්දියාවේ සිට ලංකාවට කම්කරුවන් ඉක්මනින් ප්‍රවාහනය කළ හැකි ක්‍රමයක් කල්පනා කරන්න සිදුවුනා. එදා බ්‍රිතාන්‍යයන්ගේ සැලසුම වුණේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයට අයත් මණ්ඩපම් නගරයේ සිට පම්බන් දූපත දක්වා මුහුද හරහා කි. මී. 2කට වැඩි දිගකින් යුත් දුම්රිය පාලමක් ඉදිකිරීම යි.

ඉංජිනේරුවරුන්ගේ සහ එහි වැඩකර කම්කරුවන්ගේ උත්සාහය නිසා 1914 පෙබරවාරි 24 වැනිදා කි. මී. 2.065ක දිගකින් යුත් පම්බන් මුහුදු දුම්රිය පාලම විවෘත කිරීමට හැකිවුණා.

ඉන්දු – ලංකා දුම්රිය සේවය අතීතයේ තලෙයිමන්නාරම් තොට දුම්රිය කොළඹ සිට දුම්රිය සේන්දු වූ පසු මගීන්ව ඉන්දියාවේ රාමේශ්වරම් දක්වා යාත්‍රා කරන මුහුදු යාත්‍රාවට මාරු කරනු ලබනවා.එතැනින් එම මුහුදු යත්‍රාව පෝක් සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්දියාවේ රාමේශ්වරම් ජැටිය දක්වා යාත්‍රා කොට එතැනින් නැවතත් දුම්රියට මාරු කරනු ලබනවා.මෙම දුම්රිය සෙවය 1984 පමණ වන තෙක් ක්‍රියාත්මක වුණා.ඉන්දියාවේ ප්‍රධාන දුම්රිය ස්ථාන සඳහා දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අපේ රටේ බොහෝ ප්‍රධාන දුම්රිය ස්ථාන වලින් සිදු කෙරුණා.ඒවගේම රේගු දෙපාර්තමේන්තුවට අයත් කාර්යාලයක් ද තලෙයිමන්නාරම දුම්රිය ස්ථානයේ පිහිටා තිබුණා.

1984 වෙනතෙක් ක්‍රියාත්මක වුණ මේ වටිනා ගමන් පහසුව 1984 දී විතර මන්නාරම් ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට අහු උනාට පස්සේ මේ සේවාව නැවතුනා.1984/85 කාල සමයේ දී කොළඹ සිට කන්කසන්තුරය බලා ගමන් කළ යාල් දේවි දුම්රිය ත්‍රස්තවාදීන් විසින් කිහිප වරක් පුපුරුවා හැරියා. එනිසා ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවය ද ඉදිරියට පවත්වාගෙන යාම අවදානම් ක්‍රියාවක් බව බලධාරීන්ට ඒත්තු ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1985 වසර වන විට ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවාවේ අවසානය සනිටුහන් වුණා.2009 යුද්ධය ඉවර උනාට පස්සේ රේල් පාර ආයෙත් හැදුවා. ඒත් ඉන්දු – ලංකා දුම්රිය සේවය, නැවත ආරම්භ වුනේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06
Video thumbnail
චරිත් අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:17