දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු කුවින්ටන් ඩී කොක් පිය පදවියට

දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු කුවින්ටන් ඩී කොක් පිය පදවිය ලබා ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහුගේ ආදරණීය බිරිඳවන සාෂා ඊයේ, බිළිඳික ප්‍රසූත කිරීමත් සමඟයි.

කුවින්ටන් සහ ඔහුගේ බිරිඳ සාෂාගේ කුළුඳුල් දරුවාවන මෙම බිළිඳියට ඔවුන් ‘කියාරා’ ලෙස නම් තබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට මව සහ බිළිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව වෛද්‍යවරු සඳහන් කළා.

මේ අතර කුවින්ටන් ඩී කොක් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට පසුගිය දා තීරණය කළා.

එහි දී ඔහු සඳහන් කර තිබුණේ සිය පවුලට ප්‍රමුඛස්ථානය ලබාදීමේ අරමුණින් තමන් මෙම තීරණය ගත් බවයි.

මේ අතර කුවින්ටන්ගේ පළමු දරුවා වෙනුවෙන්, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිය කණ්ඩායම් සාමාජිකයාට සුබ පැතුම් එක්කරන්නට ද අමතක කර තිබුණේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?