දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු කුවින්ටන් ඩී කොක් පිය පදවියට

දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු කුවින්ටන් ඩී කොක් පිය පදවිය ලබා ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහුගේ ආදරණීය බිරිඳවන සාෂා ඊයේ, බිළිඳික ප්‍රසූත කිරීමත් සමඟයි.

කුවින්ටන් සහ ඔහුගේ බිරිඳ සාෂාගේ කුළුඳුල් දරුවාවන මෙම බිළිඳියට ඔවුන් ‘කියාරා’ ලෙස නම් තබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට මව සහ බිළිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව වෛද්‍යවරු සඳහන් කළා.

මේ අතර කුවින්ටන් ඩී කොක් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට පසුගිය දා තීරණය කළා.

එහි දී ඔහු සඳහන් කර තිබුණේ සිය පවුලට ප්‍රමුඛස්ථානය ලබාදීමේ අරමුණින් තමන් මෙම තීරණය ගත් බවයි.

මේ අතර කුවින්ටන්ගේ පළමු දරුවා වෙනුවෙන්, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිය කණ්ඩායම් සාමාජිකයාට සුබ පැතුම් එක්කරන්නට ද අමතක කර තිබුණේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32