මවගේ සහ ආච්චිගේ ජීවිත රැක ගැනීමට තම ජීවිතය කැපකළ සෙවණගල මංජුල

39 හැවිරිදි කෝරාළගේ මංජුල බණ්ඩාර උපතින්ම දුක, කඳුළ සහ වේදනාව උරුම වූ අයෙකි.

ඔහු පදිංචිව සිටින්නේ, අංක 949, බෝගහ හන්දිය, කිරිඉබ්බන්වැව, සෙවණගල යන ලිපිනයේ ය.

මංජුල බහතෝරන වියේදීම පියා මිය ගොසිනි. පවුලේ එකම දරුවා ලෙස උපත ලැබූ ඔහුගේ මව, විජේකෝසලගේ වයලට් මහත්මියයි.

78 හැවිරිදි වියේ පසුවන ඇය මේ වන විට මන්ද මානසික රෝගී තත්ත්වයකින්ද පෙළෙයි.

ඇයගේ මව ආලවඩුගේ චාලට් පෙරේරා ය. ඇයගේ වයස අවුරුදු 105ක් බව මංජුල පැවසීය.

ඇයද සිහි විකල්ව ඔත්පලව සිටී.

කිසිවකුගේ හව්හරණක් නොමැතිව කිසිදු ආදායම් මාර්ගයක් ද නොමැති ව දිවිහිමියෙන්ම මව සහ ආච්චි අම්මා රකින මංජුලගේ යෞවනත්වය ද ගිලිහී ගොසිනි.

කාමර දෙකක ජීවත්වන මෙම පවුල පිළිබඳව මංජුල මෙසේ පැවසුවා… 

“මගේ ආච්චි අම්මා වින්නඹු රැකියාව කළ අයෙක්. වයස 105යි. සිහිය අඩුයි. අම්මා‍ගේ වයස 78ක්. තුනටිය කැඩිලා එක් තැන් වෙලා. ඇයත් මානසික රෝගියෙක්. මේ දෙන්නාම එක්තැන් වෙලා. මළමුත්‍ර ඉවත් කරලා රෙදි සෝදලා සියල්ලම මම තනියෙන් කරනවා. පවුලේ වෙනත් ඥාතීන් නැහැ. සලකන්න කෙනෙක් නැහැ. මේ දුක ග්‍රාම සේවකට, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයටත් කීවා. කිසිදු සැලකිල්ලක් අදටත් නැහැ. මේ දෙන්නා දාලා මට කූලි වැඩකට යන්න බැහැ. අපි කන්නේ වේලක් හැර වේලක්. නිතරම ළඟපාත පන්සලේ ඉතුරු දානය ටික ගෙනල්ලා අච්චියයි, අම්මටයි කවනවා. මේ දෙන්නා ජීවත් කරගන්න උදව්වක් තමයි මම අපේ පරිත්‍යාගශීලි අයගෙන් ඉල්ලන්නේ. මට මේ දෙන්නා දාලා යන්න බැහැ. පොඩි කාමරයක් ගෙදර ඉදිරිපිට පාර අයිනෙ හදලා දුන්නොත් මට මොනවරි විකුණලා කීයක්හරි හොයාගන්න පුළුවන්. මේ දෙන්නාට බෙහෙත් ගන්න ඕන. එක්කන් යන්න වාහනවලට ගෙවන්න මුදල් මට නැහැ. මම ඉස්පිරිතාලෙට ගිහිල්ලා දොරස්තර මහත්තයාට මේ දෙන්නාගෙ ලෙඩ ගැන කියලා මොනවාහරි බෙහෙතක් අරන් එනවා. සමාජ සේවා ආයතනයෙන්වත් උදව්වක් නැහැ. මම ඉල්ලා සිටින්නේ මේ දුක බලලා හොයලා මව්වරු දෙන්නා ජීවත් කරගන්න උදව් කරන්න කියලා”.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂය - දිලිත් සමඟ හදීසියේම හමුවක්..චානක, G.L. පීරිස් ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
02:20
Video thumbnail
රටේ ලග්නය බලපාන්නේ ජනාධිපති හරහා ජනතාවට..නැකැත් සීට්ටුව ලැබෙනකල් බලන් ඉන්න එපා
04:53
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38