පාසලේ ගුරුවරයෙකුගෙන් ශිෂ්‍යාවකට අතවර

මුලතිව් ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවර සිදු කළ බව කියන පාසල් ගුරුවරයෙකු මුලතිව් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මස 18 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් අදාල ශිෂ්‍යාව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කොට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසත් මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සරවනරාජා මහතා පොලීසියට නියෝග කොට තිබේ.

ලිංගික අතවරයට ගොදුරු වී ඇති පාසල් ශිෂ්‍යාව ලිංගික අතවරයට පත්ව ඇත්තේ ඇය ඉගෙනුම ලබන පාසලේම ගුරුවරයෙකු අතිනි.
ශිෂ්‍යාව ඒ බව තම පන්ති බාර ගුරුවරියට ප්‍රකාශ කිරීමෙන් පසුව ශිෂ්‍යාවගේ දෙමව්පියන් කැදවා මේ සම්බන්ධයෙන් මුලතිව් පොලීසියට පැමිණිල්ල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව පොලීසිය අදාල ගුරුවරයා ඊයේ අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?