මව්කිරි හිරවී මාස දෙකේ බිලිදා අවසන් ගමන් යයි

මව්කිරි හිරවීමෙන් මාස දෙකහමාරක් වයසැති බිලිඳකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම හදිසි මරණ පරීක්ෂක පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම ගොඩගම අංක 150/ඒ හි පදිංචි මඩලගමගේ සෙනුල් දහම්ස සෙනෙහස් ජයකොඩි නමැති මාස දෙක හමාරක බිලිඳකු බව කියයි.

මෙම බිලිඳාගේ මව සහ ආච්චි අම්මා බිලිදා සමඟ ගොඩගම ප්‍රදේශයේ ඥාති නිවෙසකට පැමිණි අවස්ථාවේදී උදෑසන මවුකිරි පොවා ගුඩුස් හැර දරුවා නිදි කරවා ඇතැයි පැවැසේ. එහෙත් පැයකට අධික කාලයක් දරුවා අවදි නොවීම නිසා මව පැමිණ ඒ පිළිබඳව විපරම් කිරීමේදී දරුවාගේ සිරුර අධික ලෙස සීතල වී තිබීමත් නහයෙන් ලේ සහ සුදු පැහැති ද්‍රව්‍යයක් වැගිරී තිබීමත් හේතුවෙන් ක්ෂණයකින් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට රැගෙනවිත් ඇති අතර එහිදී වෛද්‍යවරුන් පරික්ෂා කොට පවසා ඇත්තේ බිලිදා මියගොස් ඇති බවයි. ඒ අනුව බිලිදු මළ සිරුර පශ්චාත් වෛද්‍ය මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරි බී.එන්.ටී.එම්. බෝරුක්ගම විසින් මෘතදේහය පිළිබඳ වෛද්‍ය පරීක්ෂණය සිදු කර තිබෙනවා. ඒ අනුව ලද වෛද්‍ය වාර්තාව හා ඉදිරිපත් වූ සාක්ෂි අනුව ආමාශගත මවුකිරි කොටස් පෙණහලු තුළ තුළ සිරවීමෙන් ශ්වසන අපහසුතාව බිලිදාගේ මරණයට හේතුව බව හදිසි මරණ පරීක්ෂක නිගමනය කර ඇතැයි සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂය - දිලිත් සමඟ හදීසියේම හමුවක්..චානක, G.L. පීරිස් ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
02:20
Video thumbnail
රටේ ලග්නය බලපාන්නේ ජනාධිපති හරහා ජනතාවට..නැකැත් සීට්ටුව ලැබෙනකල් බලන් ඉන්න එපා
04:53
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38