හෙද /පරිපූරක /අතුරු වෛද්‍ය සේවා වැඩවර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද පෙරවරු 07 සිට පැය 24 කාලයක් පුරා හෙද සේවාව /පරිපූරක සේවාව සහ අතුරු වෛද්‍ය සේවාව වශයෙන් දකුණු පළාතේ සකේතාත්මක වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ සදහා සෞඛය වෘත්තීය කණ්ඩායම් 16ක් සහභාගි වන බවයි රජයේ හෙද නිළධාරින්ගේ සංගමය දැනුම් දෙන්නේ. ඒ අනුව අදාළ ඉල්ලීම්වලට රජයේ නිසි ප්‍රතිචාරයක් නොමැති වුවහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවයි මාධ්‍යට අදහස් දක්වමින් රජයේ හෙද නිළධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ.