ගෑස් සිලින්ඩරයක් සොයා කිලෝමීටර 315ක් දුර ගිය හික්කඩුවේ ව්‍යාපාරිකයා

මෙරට පවතින උග්‍ර ගෑස් හිගය අද වන විට රටම බරපතළ අර්බුදකාරී තත්ත්වයකට ඇද දමා තිබෙනවා.

දිනපතා ගෑස් නියෝජිත ආයතන ඉදිරිපිට පෙළගැසෙන ජනතාව පැය ගණනක් ගෑස් සිලින්ඩරයක් ලබා ලබා ගැනීමේ අරමුණින් අව්වැසි නොතකා රැඳී සිටින අයුරු අප දිනපතා දකින සහ වාර්තා කරන සිදුවීමක් බවට මේ වන විට පත්ව අවසන්. 

මේ වන විට ගෑස් හිගය මෙරට සමාජයේ බරපතළ සමාජීය ආර්ථික ගැටලු මතු කරන්නක් බවට පත්ව ඇත්තේ ඒ හරහා නිර්මාණය වී ඇති අනෙකුත් ගැටලු නිසාවෙන්. 

කුඩා පරිමාණයේ හෝටල් ආපන ශාලා ආදිය මෙම ගෑස් හිඟය හේතුවෙන් බරපතළ ලෙස පීඩා විඳිනවා. 

එමෙන්ම මේ වන විටත් වෙළඳපලේ ඇති ගෑස් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නකාරී තත්ත්වය තවමත් පහව ගිහින් නෑ. 

තත්ත්වය මෙසේ තිබිය දී සිය කුඩා ව්‍යාපාරය සිදු කරගෙන යෑමට අවශ්‍ය කරන ගෑස් සිලින්ඩරයක් සොයා ගැනීමට කිලෝමීටර් 315 ක දුර ගෙවා ගිය ව්‍යාපාරිකයකු පිළිබඳ තොරතුරක් අපට හික්කඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. 

අදාල ව්‍යාපාරිකයා මෙලෙස කිලෝ මීටර 315ක දුරක් ගෑස් සිලින්ඩරයක් ලබා ගැනීම සඳහා ගොස් තිබුණේ පොලොන්නරුව ප්‍රදේශයටයි. 

ඒ ඔහු සතුව තිබූ කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර තුනක්ද සමගින්. 

කිලෝ ග්‍රෑම් 12 ගෑස් සිලින්ඩර දෙකක් සහ කිලෝ ග්රෑම් පහේ හිස් ගෑස් සිලින්ඩරයක් ඔහු රැගෙන ගොස් තිබුණේ අදාළ විශාල ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයට හිලව් ලෙස ව්‍යාපාරිකයාට ලබාදීමටයි. 

කිලෝමීටර් 315ක ගමනක් අවසානයේ කිලෝ ග්‍රෑම් 37ක විශාල ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක් ලබා ගත් අදාල ව්‍යාපාරිකයා එය ත්‍රීරෝද රථයක පටවාගෙන නැවතත් හික්කඩුව බලා පිටත්ව ගියේ රටක් රාජ්‍යයක් දිනා ගත්තෙක් විලසින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම සියල්ල හෙළිකරයි
05:20
Video thumbnail
ඩොලර් එක උඩ යනවා රොකට් එක වගේ - රෝහිත නැගිටලා ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි
13:09
Video thumbnail
ආණ්ඩුවේ ඉන්න හොරු ටික අල්ලලා පෙන්නන්න
10:28
Video thumbnail
වාහන ආනයනය ගැන විශේෂ හෙළිදරව්වක්..සම්පූර්ණ මිථ්‍යාවක් සමාජ ගත කරලා
04:40
Video thumbnail
නාමල් පිල්ලෙයාන්ව බලන්න ගියා - චානක සියල්ල හෙළිකරයි
13:21