සහන මැද්දෙන් මතු වූ අලුත් බද්ද

2021 සහ 2022 අයවැය මගින් මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු සහ වාහන මත විවිධ ව්‍යස්ථාපිත නීති යටතේ පනවන ලද බදු සහ අය බදු කිහිපයක් වෙනුවට විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට යෝජනා කර තිබේ.

බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට හැකිවන පරිදි මාර්ගගත ක්‍රමයට කළමනාකරණය කිරීම මෙහි අරමුණ වී ඇත.

මේ අතර ගුරු – විදුහල්පති සේවාවන් හි වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (04) එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

“එම චක්‍රලේඛය නිකුත් කිරීමත් සමග අදාළ වැටුප් පරිවර්තන කඩිනමින් සිදුකොට 2022 ජනවාරි මාසයේ සිට මෙම වැටුප් පරිවර්තන ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අමාත්‍ය මණ්ඩලය දැනටමත් දැනුම්දීලා තියෙනවා.”

මේ අතර, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා වන ගිවිසුම එළැඹෙන සතියේදී අත්සන් කිරීමට බලාපොරොත්තුවන බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,

“දැනට මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු, වාහන මත අය කරන බදු වර්ග ගණනාවක් තිබීම හේතුවෙන් බදු අයකරන්නන්ට වගේම බදු ගෙවන්නන්ටත් ගැටලුවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ සියල්ල වෙනුවට අයවැයේ දී ඉදිරිපත් කළ යෝජනාව පදනම් කරගෙන විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයාට අවසරය හිමිවුණා. ඒ අනුව මේ පනත් කෙටුම්පත ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.”

ප්‍රශ්නය – ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් රජය ජනවාරි 06 වැනිදා ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් වෙනවද, ඒ වගේම ඉන්දියාව අපිට කියලා තියෙනවද හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා, ඒ නිසාද මේ සහන පැකේජයක් දීලා මැතිවරණයකට යන්න සූදානම් වෙනවද කියලා ප්‍රශ්න කරන්න කැමතියි.

අමාත්‍ය ගම්මන්පිල – 

“බොහෝවිට ඉදිරි සතිය ඇතුළත අපිට මේක අත්සන් කරන්න පුළුවන් වෙයි. පළාත් සභා මැතිවරණයක් ගැන කිසිම සාකච්ඡාවක් ආණ්ඩුව තුළ නෑ කියන එක ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.”

ප්‍රශ්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ඊයේ කියලා තිබුණා, ජනාධිපතිතුමා විවේචනය කරන්න බැහැ එහෙම වුණොත් අත්අඩංගුවට ගැනීමක් හෝ නීතිය ක්‍රියාත්මක කිරීමක් සම්බන්ධයෙන්

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම – 

“විවේචන සාධාරණ වෙන්න ඕනේ. විවේචනය තහනම් කිරීමක් හෝ විවේචනය වළක්වාලීමක් පිළිබඳ කිසිදු ආකාරයක ප්‍රකාශයක් ජනපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය හෝ කිසිම අවස්ථාවක ප්‍රකාශ කරලා නෑ. ඒක පොලිස් නිලධාරියෙක් කිව්වත් කවුරු කිව්වත් සත්‍යයෙන් තොර ක්‍රියාවක්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14